ප්‍රමුඛ පුවත 1

සුපිරි ගණිකා නිවසක් වටලයි

(UTV|කොළඹ) – නාවල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලයි.
එහිදී සැකකාරියන් 18 දෙනෙකු සහ එය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු  අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
ඊයේ පස්වරුවේ වැලිකඩ පොලිසිය විසින් මෙම හදිසි වැටලීම සිදුකර තිබේ.

ඒ අලුත්කඩේ අංක 4 අධිකරණය මගින් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මතයි.

සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස් ඇති බව විමර්ශන වලදී අනාවරණ වී ඇත.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් අවුරුදු 19 ත් 64 ත් අතර වයසේ පසුවේ.

සැකකරුවන් සහ සැකකාරියන් අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

රිෂාඩ් බදියුදීන් මහතාගෙන් ජනපතිට සුභ පැතුම්

Mohamed Dilsad

තම දියණිය ඝාතනය කල පුත්තලමේ මව අත්අඩංගුවට

Mohamed Dilsad

ස්විට්සර්ලන්ත තානාපති විදේශ කටයුතු අමාත්‍යවරයා හමුවෙයි

Mohamed Dilsad

Leave a Comment