විදෙස්

දකුණු කොරියාවෙන්, උතුරු කොරියාවට ආරාධනාවක්

(UTV|කොළඹ) – මේ වසරේ දකුණු කොරියාවේ පැවැත්වෙන ශීත ඍතු ඔලිම්පික් උළෙල සදහා සහභාගි වීම පිළිබද සාකච්ඡා කිරීමට දකුණු කොරියාව, උතුරු කොරියාවට ඇරයුම් කර තිබේ.

එම සාකච්ඡා ජනවාරි 9 වනදා පැවැත්විය හැකි බව දකුණු කොරියානු ඒකාබද්ධතා අමාත්‍ය චෝ-මියොං-ගියොං දැනුම්දී ඇත.

දකුණු කොරියාවේ පියොංචැං හි පැවැත්වෙන ශීත ඍතු ඔලිම්පික් උළෙල සදහා තම ක්‍රිඩක කණ්ඩායමක් සහභාගි කරවීම පිළිබද අවධානය යොමුවී ඇති බව උතුරු කොරියානු නායක කිම්ජොං අන් ප්‍රකාශ කර තිබේ.

එය දෙරට අතර, උණුසුම් වාතාවරණය සමනය කිරීමේ අවස්ථාවක් ලෙස සලකා කටයුතු කරන බව දකුණු කොරියානු අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නාසා ආයතනය සඳ ගමනකට සැරසෙයි

Mohamed Dilsad

තවත් සයිබර් ප්‍රහාරයක් ගැන අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

ඇමෙරිකා ජනාධිපතිගෙන්, හමාස් සංවිධානයට අවසන් දැනුම්දීමක්

Editor O

Leave a Comment