Trending News

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පවතින සබඳතාවය ගැන ජනපතිගෙන් සහතිකයක්

(UTV|කොළඹ) –  ශ්‍රී ලංකාව සහ රුසියාව අතර ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවක් සැමදා පැවති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙයි.

මෙරට තේ අපනයනයන් සඳහා රුසියාව පනවා තිබූ තහනම ඉවත් කර ගත් ආකාරය එම මිතුරුදම පිළිඹිබු කරන උදාහරණයක් බව ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ට්විටර් ගිණුමට එම ප්‍රකාශය ඊයේ එක් කළේ රුසියාව විසින් ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන තේ ඇතුළු කෘෂි නිෂ්පාදන සඳහා පනවා තිබූ තහනම ඉවත් කිරීමේ තීරණයත් සමඟයි.

ශ්‍රී ලංකාවෙන් ආනයනය කරනු ලබන තේ ඇතුළු කෘෂි නිෂ්පාදන සඳහා පනවා තිබූ තහනම  ලබන 30 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට රුසියාව ඊයේ තීරණය කරනු ලැබීය.

විශේෂයෙන් තේ සඳහා පනවා ඇති  තහනම සම්බන්ධයෙන් සාකච්ඡා කිිරීමට මෙරට තාක්ෂණික කණ්ඩායමක් පෙරේදා (24) රුසියාව බලා පිටත්ව ගියේය.

ඔවුන් රුසියානු මධ්‍යම රජයේ පශු සම්පත් සහ ශාක ආහාර සෞඛ්‍යය පිළිබඳ සේවාවේ නියෝජිතයන් සමඟ සාකච්ඡා කළ අතර මොස්කව් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේය.

මෙම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස මෙරට තේ අපනයනයන් සඳහා රුසියාව පනවා තිබූ තහනම ඉවත් කරනු ලැබූ බව වැවිළි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

New solution for Indo Sri Lanka fishermen issue

Mohamed Dilsad

Sri Lanka beat South Africa by 3 wickets, T20I Highlights [VIDEO]

Mohamed Dilsad

பம்பலப்பிட்டி முஸ்லிம் பெண்கள் பாடசாலை புதிய கட்டிட திறப்பு விழா

Mohamed Dilsad

Leave a Comment