Trending News

නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා ජනවාරි මැද නිවෙස් වලට

(UTV|කොළඹ) – පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා ජනවාරි මස 19 වන දා සිට නිවෙස් වලට බෙදා හැරීම සඳහා සැලසුම් කෙරේ.

මැතිවරණ කොමිසම් පැවසුවේ ජනවාරි 28 වන දා විශේෂිත දිනයක් ලෙස නම් කොට ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමට කටයුතු කරන බවයි.

පෙබරවාරි 3 වන දායින් පසු ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලෙන් බෙදා හරිනු නොලබන අතර පසුව එය ඡන්ද හිමියන්ට පමණක් තැපැල් කාර්යාලයට පැමිණ ලබා ගැනීමේ හැකියාව ඇත.

මීට අමතරව මැතිවරණයට අදාළව තාවකාලික හැදුනුම්පත් නිකුත් කිරීමේ අවසන් දිනය ලෙස පෙබරවාරි මස 2 වන දා නම් කර තිබේ. ම

මේ නිසා ඊට පෙර හැඳුනුම්පත් ලබා ගන්නා ලෙස ද මැතිවරණ කොමිසම ජනතාවගෙන්  ඉල්ලීමක් කරයි.

පළාත් පාලන ආයතන 341ක් ට අදාලව පැවැත්වෙන ජන්ද විමසීමේදී රාජ්‍ය සේවකයින්ට තැපෑලෙන් ඡන්දය සලකුණු කිරීමට ජනවාරි මස 25 සහ 26 යන දෙදින වෙන්කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

දින තුනකදී රුපියල් කෝටි 43,537ක් අහිමි වු කොළඹ කොටස්වෙළෙඳපොළ

Editor O

25 Essential drug prices reduced

Mohamed Dilsad

நாட்டின் சில பகுதிகளில் மின்சாரம் துண்டிப்பு

Mohamed Dilsad

Leave a Comment