Trending News

නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා ජනවාරි මැද නිවෙස් වලට

(UTV|කොළඹ) – පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා ජනවාරි මස 19 වන දා සිට නිවෙස් වලට බෙදා හැරීම සඳහා සැලසුම් කෙරේ.

මැතිවරණ කොමිසම් පැවසුවේ ජනවාරි 28 වන දා විශේෂිත දිනයක් ලෙස නම් කොට ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමට කටයුතු කරන බවයි.

පෙබරවාරි 3 වන දායින් පසු ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලෙන් බෙදා හරිනු නොලබන අතර පසුව එය ඡන්ද හිමියන්ට පමණක් තැපැල් කාර්යාලයට පැමිණ ලබා ගැනීමේ හැකියාව ඇත.

මීට අමතරව මැතිවරණයට අදාළව තාවකාලික හැදුනුම්පත් නිකුත් කිරීමේ අවසන් දිනය ලෙස පෙබරවාරි මස 2 වන දා නම් කර තිබේ. ම

මේ නිසා ඊට පෙර හැඳුනුම්පත් ලබා ගන්නා ලෙස ද මැතිවරණ කොමිසම ජනතාවගෙන්  ඉල්ලීමක් කරයි.

පළාත් පාලන ආයතන 341ක් ට අදාලව පැවැත්වෙන ජන්ද විමසීමේදී රාජ්‍ය සේවකයින්ට තැපෑලෙන් ඡන්දය සලකුණු කිරීමට ජනවාරි මස 25 සහ 26 යන දෙදින වෙන්කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

சபாநாயகர் பாராளுமன்ற சம்பிரதாயங்களைப் பொருட்படுத்தாது ​செயற்பட்டுள்ளார்

Mohamed Dilsad

Sri Lanka vs England 2nd Test Day 1: England win toss, elect to bat

Mohamed Dilsad

‘Belek Saman’ injured in Kuliyapitiya shooting

Mohamed Dilsad

Leave a Comment