විදෙස්

ඇමරිකාව සහ චීනය රාජතාන්ත්‍රික අර්බුදයකට මැදිවන ලකුණු

(උදයම්,කොළඹ)     –   දකුණු චීන මුහුදේ මතභේදයට තුඩු දුන් දිවයින් පෙළ සම්බන්ධයෙන් ඇමරිකානු සහ ජාත්‍යන්තර අභිලාෂයන් අනුව කටයුතු කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් රජය පවසයි.

ධවල මන්දිරයේ ප්‍රකාශක ෂෝන් ස්පයිසර් කියා සිටියේ චීනයේ අතිමහත් වෙළඳපොළට පිවිසීම සඳහා එම වගකීම පැහැර හැරීමට ඇමරිකාව සූදානම් නොමැති බවයි.

ඇමරිකානු – චීන වෙළඳ සබදතා දෙපාර්ශවයටම ප්‍රතිඵලදායක අන්දමින් සිදුවිය යුතු බවයි ඔහු පවසා ඇත.

සම්පත් බහුල දකුණු චීන දිවයින් පෙළ චීනයට පමණක් හිමි කර දීමට ඇමරිකාව ඉඩ නොදෙන බව ඔහු සදහන් කර තිබෙනවා.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයට පිවිසීමෙන් පසු චීනයට සිදුකළ අනතුරු ඇගවීම ඇමරිකාව සහ චීනය අතර රාජතාන්ත්‍රික අර්බුදයකට මුල් වනු ඇතැයි දේශපාලන විචාරකයන් පෙන්වා දෙයි.

Related posts

ගුවන් අනතුරකින් පහක් මිය යයි

Editor O

ලොව පුරා කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 50 ඉක්මවයි

Mohamed Dilsad

ඇමෙරිකාව පුරා ජාතික කොඩි දින 05 ක් අඩකුඹු වෙයි

Mohamed Dilsad

Leave a Comment