ප්‍රමුඛ පුවත 1

අනුරාධපුරය තුළ අලි 65 දෙනෙකු මියගොස්

පසුගිය වසර තුළ පමණක් අනුරාධපුර වනජීවී කලාපය තුළ අලි 65 දෙනෙකු මියගොස් ඇතිබවට වාර්තා වේ.

ඒ අනුව අනුරාධපුර වනජීවී කලාපයට අයත්වන අනුරාධපුර අලි 43ක්  පුත්තලම අලි 12ක් කුරුණෑගල අලි 10ක් මෙලෙස මියගොස් ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් පලකරමින් අනුරාධපුර වනජීවී නිලධාරීන් පවසන්නේ අලින්ගෙන් බොහෝ ප්‍රමාණයක් මියගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් බවයි.

ඒ අනුව එම අලි මරණයන්ට බඳින තුවක්කු මෙන්ම වෙඩික්කරුවන්ට ගොදුරුවීමෙන්ද මෙලෙස අලින් මියගොස් තිබේ.

මේ අතර අලින් සඳහා යොදන හක්ක පටස් සහ වස ආහාරයට ගැනීමෙන්ද එම කලාපය තුළ අලින් බොහෝ ප්‍රමාණයක් මියගොස් ඇත.

දුම්රියේ ගැටීමෙන්ද අලින් කිහිප දෙනෙක් පසුගිය වසර තුල මියගියහ.

මෙලෙස මියගොස් ඇති අලි 65දෙනා අතර ඇතුන් 6දෙනෙකුද සිට ඇති බව වනජීවී නිලධාරීහු පවසති.

Related posts

සර්ව පාක්ෂික සමුළුව අද ජනපතිගේ ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

බෞද්ධාලෝක මාවතේ විශේෂ රථ වාහන සැලැස්මක් අද සිට

Mohamed Dilsad

ජනපතිගේ මානසික තත්ත්වය ගැන වාර්තාවක් ඉල්ලා ගොනුකළ පෙත්සම අධිකරණය නිශ්ප්‍රභකරයි

Mohamed Dilsad

Leave a Comment