ප්‍රමුඛ පුවත 1

යාපනය ආහාර සැණකෙලිය අද සිට

(UTV|යාපනය) – යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ භට පිරිස් විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘යාපනය ආහාර සැණකෙලිය – 2017’ අද (15)  සිට 17 දා දක්වා යාපනය කොටුව ඉදිරිපිටදී පැවැත්වීමට නියමිතව ඇත.

යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් පරිදි මෙම ආහාර සැණකෙලිය සංවිධානය කරනු ලබයි.

මෙම සැණකෙලියට, අද (15) දින ‘යාල ටියුන්ස්’සංගිත කණ්ඩායම විසින් ඉදිරිපත් කරනු ලබන සංගීත සංදර්ශණයත්, හෙට (16) දින ශිව කුමාර් ප්‍රමුඛ ‘අග්නි’සංගිත කණ්ඩායම ඉදිරිපත් කරන ප්‍රසංගයක් සහ ඉරිදා (17) දින යුද හමුදා සංගීත කණ්ඩායම විසින් ඉදිරිපත් කරනු ලබන විශේෂ නත්තල් කැරොල් ප්‍රසංගයක් ද ඇතුළත් වේ.

උතුරු පළාත් හෝටල්හිමියන්ගේ සංගමය හා ඒකාබද්ධව මෙම ආහාර සැණකෙලිය පැවැත්වෙනු ඇත.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

චීනයේ ව්‍යාපාරිකයින් පිරිසක් සහ චීන විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ නියෝජිතයින් අතර හමුවක්.

Mohamed Dilsad

ජනාධිපති විශේෂ ආරාධනයකට අද කෙන්යාව බලා පිටත් වේ.

Mohamed Dilsad

ජනපතිගෙන් උපහාර

Mohamed Dilsad

Leave a Comment