ප්‍රමුඛ පුවත 1

දරුවන් මත්උවදුරින් ආරක්ෂා කිරීම සඳහා සියලුදෙනාගේම මැදිහත්වීම අවශ්‍ය බව අධ්‍යාපන ඇමති කියයි

(UTV|කොළඹ) – අනාගත පරපුර මත්උවදුරින් ආරක්ෂා කිරීම සඳහා පාසල් ප්‍රජාව පමණක් නොව, පාසලින් බාහිර පාර්ශවවල මැදිහත්වීම ද අතිශය වැදගත් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

පාසල් පද්ධතිය තුළ මත්උවදුර මැඩපැවැත්වීම සඳහා මේ වන විට පාසල් මට්ටමින් පිහිටවනු ලැබූ කමිටු හරහා විවිධ වැඩසටහන් ක්‍රියාවට නැංවෙන බවත්, පාසල් පද්ධතියෙන් බැහැරව පවතින මත්උවදුරු මැඩපැවැත්වීම සඳහා නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ අමාත්‍යාංශය මෙන්ම, රටේ අධිකරණ පද්ධතිය ද සෘජුවම මැදිහත් විය යුතු බවත්, අධ්‍යාපන අමාත්‍යවරයා මෙහි දී පැහැදිලි කළේය.
එමෙන්ම, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ආරක්ෂක අංශ එක්ව, බුද්ධි අංශ තොරතුරු සහ පාසල් ප්‍රජාවන්ගෙන් ලබාගන්නා තොරතුරු ද පදනම් කරගනිමින්, පාසල් තුළින් මත්උවදුර තුරන් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවත්, එම ක්‍රියාමාර්ග හේතුවෙන් මේ වන විට පාසල් පද්ධතිය තුළින් මත්උවදුර බොහෝ දුරට තුරන් වෙමින් පවතින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පවතින නීති යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

Mohamed Dilsad

නීතිවිරෝධී මුහුදු කූඩැල්ලන් කිලෝ 598 ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට..

Mohamed Dilsad

ඇන්ජලීන් ගුණතිලක මහත්මීයගේ අවසක් කටයුතු ලබන අගහරුවාදා සිදු කෙරේ

Mohamed Dilsad

Leave a Comment