ප්‍රමුඛ පුවත 1

පවතින නීති යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් නෑ – ශ්‍රේෂ්ඨාධිකරණය

(UTV| කොළඹ) – පවතින නීතිමය ප්‍රතිපාදන යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතික තීරණයක් ලෙස එය ප්‍රකාශයට පත් කර ඇති බව ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

සමාලෝචන කමිටු වාර්තාවක් නොමැතිව සංශෝධිත පනතේ විධි විධාන ප්‍රකාරව ඡුන්දය පැවැත්වීම සඳහා, සීමානිර්ණ කමිටුව විසින් අමාත්‍යවරයා වෙත භාර දී ඇති වාර්තාවේ සදහන් සීමා මායිම් ප්‍රකාශයට පත්කිරීමේ බලයක්, ජනාධිපතිවරයා සතු නොවන බව ද ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයාට දැනුම් දී ඇත.

අදාළ සංශෝධන පනත යටතේ ඡන්දය පැවැත්වීමට නොහැකි නම් ඊට පෙර පැවති නීතිය යටතේ පළාත් සභා ඡන්දය පැවැත්වීමේ ඇති හැකියාව සම්බන්ධයෙනුයි ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා තිබුණේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පළමු පාසැල් වාරය ඇරඹේ

Mohamed Dilsad

කප්පම් මුදල් ලබාගත් පුද්ගලයින් තිදෙනෙකු මාතලේදී අත්අඩංගුවට

Mohamed Dilsad

ජනපති අගමැති අද තීරණාත්මක සාකච්ඡාවකට සුදානම්

Mohamed Dilsad

Leave a Comment