ප්‍රමුඛ පුවත 1

ඇන්ජලීන් ගුණතිලක මහත්මීයගේ අවසක් කටයුතු ලබන අගහරුවාදා සිදු කෙරේ

අභාවප‍්‍රාප්ත ප‍්‍රවීණ ගායන ශිල්පිනී ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ දේහය අද (30) පෙරවරුවේ සිට නුගේගොඩ පාගොඩ පාරේ පිහිටි ඒ මහත්මියගේ නිවසේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබේ.

අවසන් කටයුතු ලබන අඟහරුවාදා (02) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරිමට නියමිතය.

1939 වසරේ මාතරදී උපත ලැබූ ඇය 1958 වසරේදී සොහොයුරෝ චිත‍්‍රපටයෙන් චිත‍්‍රපට පසුබිම් ගායනයට එක්වුවාය..

පාට පොඳක් තිලකලා, සිරිපානා, හදවිමන් දොරෙන්, පෙම්වතියන්නේ ඇතුලු ගීත පන්දහසකට වැඩි සංඛ්‍යාවක් ඇය ගායනා කර තිබීම විශේෂත්වයක්. රණ තිසර සම්මානය, යූ ඩබ්ලිව් සුමතිපාල සම්මානය ඇතුලු ඇගයීම් රැසකින් ද ඇය පිදුම් ලැබුවාය.

Related posts

ලබන 05 වනදා පාර්ලිමේන්තුව රැස්වේ – අගමැති මහින්ද කියයි

Mohamed Dilsad

කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

Mohamed Dilsad

තැපැල් ඡන්ද ප්‍රකාශ කිරිම අදයි.

Mohamed Dilsad

Leave a Comment