විදෙස්

ඔකී නිසා මුම්බායි නගරයට නිවාඩු

(UTV|කොළඹ) – ඔකී සුළි සුළඟ හේතුවෙන් මුම්බායි නගරයේ පාසල් සහ කාර්යාලවල අද නිවාඩු ලබාදී තිබේ.

පසුගියදා ඔකී සුළි සුළඟ කේරළ සහ තමිල්නාඩු ප්‍රාන්තවලට ඇතුළු වී විශාල හානියක් සිදුකිරීමෙන් පසුව මහාරාෂ්ට්‍ර සහ ගුජරාට් වෙරළට දැන් ළඟා වෙමින් තිබේ.

මේ වනවිටත් මුම්බායි ඇතුළත් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ බොහෝ ප්‍රදේශවලට ඊයේ සිට ධාරාණිපාත වැසි ඇද හැලෙන බව වාර්තාවේ.

සුළි සුළඟ හේතුවෙන් උස් රළ ඇති විය හැකි නිසා මුම්බායි වෙරළට පිවිසීමෙන් වැලකී සිටි ලෙස ජනතාවට උපදෙස් ලබාදී ඇත.

එසේම ඉන්දීය ධීවරයන්ට අනතුරු ඇගවීමේ නිවේදනයක්ද නිකුත් කර ඇති බව ඉන්දීය වාර්තාවල දැක්වේ.

ඔකී සුළි සුළඟින් මේ වන විට ඉන්දියාවේ මරණ සංඛ්‍යාව 25ක් සිදුව තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

උගන්ඩාවෙන් ඉබෝලා රෝගීන් 16 දෙනෙකු වාර්තාවෙයි

Mohamed Dilsad

ජපානය අභිබවමින් ඉන්දියාව ඉදිරියට

Editor O

වූහාන් නගරයේ සංචාරක තහනම ලිහිල් කරයි

Mohamed Dilsad

Leave a Comment