ප්‍රමුඛ පුවත 1

පොල් සඳහා පාලන මිලක් පැනවීම ගැන අවධානය

(UTV|කොළඹ) –  ඊයේ රැස් වූ ජීවන වියදම් කමිටුවේදී පොල් සඳහා පාලන මිලක් පැනවීම කෙරෙහි අවධානය යොමු වූ බව කර්මාන්ත හා වාණිඡ කටයුතු අමාත්‍යංශ ලේකම්  රංජිත් අශෝක මහතා පවසයි.

මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කර මේ පිළිබඳව තීරණයක් ගන්නා බව ද ඔහු පැවසුවේ ය.

මේ වනවිට වෙළෙඳපොළේ පොල් මිල රුපියල් 85ත් 100ත් මිලක් දක්වා ඉහළ ගොස් තිබීම හේතුවෙන් පාරිභෝගිකයින් දැඩි දුෂ්කරතාවට පත් ව තිබේ.

ලක් සතොස හරහා රුපියල් 65ක මිලකට පොල් අළෙවි කිරීමට අඛණ්ඩව කටයුතු කරන බව කෙසේ වෙතත් පොල් වගා කිරීමේ මණ්ඩලය සඳහන් කළේය.

මේ අතර දැනට වෙළෙඳපොළේ පවතින පොල් හිඟයට පිළියමක් ලෙස කර්මාන්ත සඳහා පොල් ආනයනය කිරීම කෙරෙහි සලකා බැලිමට ද ඊයේ රැස් වූ ජීවන වියදම් කමිටුවේදී අවධානය යොමුවී තිබේ.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක මහතා සඳහන් ක‍ළේ, ඒ සඳහා ලුණුවිල පොල් පර්යේෂණ ආයතනය මගින් අධ්‍යනයක් ද මේ වනවිට සිදු කරන බව ය.

 

Related posts

මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 2000 ඉක්මවයි

Mohamed Dilsad

උපාධිධාරීන්ට පහසුවෙන් රැකියාවක් සොයාගැනීමට නිසි උසස් අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි

Mohamed Dilsad

පස්යාල ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් තවත් 37 දෙනෙකුට තුවාල

Mohamed Dilsad

Leave a Comment