ප්‍රමුඛ පුවත 1

පොල් සඳහා පාලන මිලක් පැනවීම ගැන අවධානය

(UTV|කොළඹ) –  ඊයේ රැස් වූ ජීවන වියදම් කමිටුවේදී පොල් සඳහා පාලන මිලක් පැනවීම කෙරෙහි අවධානය යොමු වූ බව කර්මාන්ත හා වාණිඡ කටයුතු අමාත්‍යංශ ලේකම්  රංජිත් අශෝක මහතා පවසයි.

මුදල් අමාත්‍යංශය සමග සාකච්ඡා කර මේ පිළිබඳව තීරණයක් ගන්නා බව ද ඔහු පැවසුවේ ය.

මේ වනවිට වෙළෙඳපොළේ පොල් මිල රුපියල් 85ත් 100ත් මිලක් දක්වා ඉහළ ගොස් තිබීම හේතුවෙන් පාරිභෝගිකයින් දැඩි දුෂ්කරතාවට පත් ව තිබේ.

ලක් සතොස හරහා රුපියල් 65ක මිලකට පොල් අළෙවි කිරීමට අඛණ්ඩව කටයුතු කරන බව කෙසේ වෙතත් පොල් වගා කිරීමේ මණ්ඩලය සඳහන් කළේය.

මේ අතර දැනට වෙළෙඳපොළේ පවතින පොල් හිඟයට පිළියමක් ලෙස කර්මාන්ත සඳහා පොල් ආනයනය කිරීම කෙරෙහි සලකා බැලිමට ද ඊයේ රැස් වූ ජීවන වියදම් කමිටුවේදී අවධානය යොමුවී තිබේ.

කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක මහතා සඳහන් ක‍ළේ, ඒ සඳහා ලුණුවිල පොල් පර්යේෂණ ආයතනය මගින් අධ්‍යනයක් ද මේ වනවිට සිදු කරන බව ය.

 

Related posts

මන්ත්‍රී නාමල්ට එරෙහි නඩුව කල් යයි [VIDEO]

Mohamed Dilsad

ගිං ගඟේ ජල මට්ටම තවත් ඉහළ යයි

Mohamed Dilsad

උසස් පෙළ ප්‍රතිඵල නත්තලෙන් පසු

Mohamed Dilsad

Leave a Comment