ප්‍රමුඛ පුවත 1

ජාතික අලුත් සහල් මංගල්‍යය ජය ශ‍්‍රී මහා බෝ අභියසදී සාර්ථකව අවසන් වෙයි

(UTV| කොළඹ) – හෙළයේ මහා ගොවි පිළිවෙත ජාතික අලුත් සහල් මංගල්‍ය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහහතාගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික ජය ශ්‍රි මහා බෝ සමිඳුන් අභියස දී අද (07) පෙරවරුවේ මහත් උත්කර්ෂවත් ලෙස පැවැත්වුණි

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙනි.

එම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මැති ඇමතිවරුන් එක්ව සිටියේය.

එහිදී සාම්ප්‍රදායිකව මාස් කන්නයේ නෙලා ගත් අස්වැන්නේ නොඉඳුල් සහලින් ජය ශ්‍රී මහා බෝ සමිඳුන් පිදීම සිදු කෙරුණි.

ජාතික අලුත් සහල් මංගල්‍යයට පෙර චාරිත්‍රානුකූලව සතර වාහල්කඩ කිරි ඉතිරවා සිදුකරනු ලබන දේව කන්නලව්ව සිදු කෙරුණේ ඊයේ දිනයේදිය.

රජ සමයේ සිට පැවත එන මෙම චාරිත්‍රය සඳහා රට පුරා ගොවින් රැසක් එක්වීමට නියමිත අතර රට ස්වයංපෝෂිත වී කෘෂිකර්මාන්ත කටයුතු දියුණු වී රටට ජාතියට සෙත් පැතීම මෙම අලුත් සහල් මංගල්‍යයෙන් අපේක්ෂා කෙරේ.

අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නායක හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි අලුත් සහල් මංගල්‍යය පැවැත්වුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හිස නොමැති සිරුරක් ලක් දනව්ව විදුලි බලාගාරය අසල

Mohamed Dilsad

එක්සත් ජනපද කොන්ග‍්‍රස් කමිටුවේ නියෝජිතන් ජනපති හමුවෙයි

Mohamed Dilsad

පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු යළි රක්ෂිත බන්ධනාගාරයට

Mohamed Dilsad

Leave a Comment