ප්‍රමුඛ පුවත 1

කෝටි දෙකක හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

(UTV|හලාවත) – රුපියල් කෝටි 02 කට ආසන්න වටිනාකමින් යුතු හෙරොයින් තොඟයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
හලාවත, කරුප්පන් මුහුදු තීරයේදී  ඔහු අත්අඩංගුවට ගැනීමට හැකි විය.
සුරාබදු දෙපාර්තමේන්තුවේ කොළඹ මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් ඊයේ(21) රාත්‍රියේ සිදුකළ වැටලීමකදී මෙලෙස හෙරොයින් තොගය සමඟ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.
මෙහිදී හෙරොයින් කිලෝග්‍රෑම් දෙකකට ආසන්න තොගයක් සොයාගෙන ඇත.
ඉන්දියාවේ සිට මෙම හෙරොයින් තොගය රැගෙන එන්නට ඇති බවට සැක පල කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු හලාවත, කොළණියවැල්ල ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි අයෙකු වන අතර ඔහු අද (22) හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.REG <හිස්තැනක් > utv ලෙස ටයිප්කර 77000 ට යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක.

 

Related posts

යුද හමුදාවේ 70 වන සංවත්සරය

Mohamed Dilsad

කොළඹ බදුල්ල අතර දුම්රිය ධාවනයට බාධා(ඡායාරුප)

Mohamed Dilsad

ත්‍රස්ත ප්‍රහාරය නිසා විපතට පත් ව්‍යාපාරිකයන්ට සහන ලබා දීමට සුදානම්.

Mohamed Dilsad

Leave a Comment