ප්‍රමුඛ පුවත 1

හමුදාවෙන් නීත්‍යනුකූලව ඉවත්වීමට ලබාදුන් පොදු සමා කාලය අදින් අවසන්

(UTV|කොළඹ) – නිවාඩු ලබා ගොස් ශ්‍රී ලංකා යුධ හමුදාවෙන් නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් නොවූ සාමාජිකයින්ට නීත්‍යානුකූලව සේවයෙන් ඉවත් වීමට ලබාදී තිබු පොදු සමා කාළයඅදින්දු අවසන් වේ.

ඒ අනුව යුධ හමුදාව අතහැර පළාගිය පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් හෙට සිට ආරම්භ කරන බව හමුදා ප්‍රකාශක මේජර් ජෙනරාල් රෝෂාන් සෙනෙවිරත්න මහතා නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

මෙම පොදු සමා කාලය ප්‍රකාශයට පත් කළේ, පසුගිය ඔක්තෝම්බර් මස 23 වන දායි.

අදාල කාලය තුළ යුධ හමුදාවෙන් පළා ගිය නිලධාරීන් 12ක් හා කැඩෙට් නිලධාරීන් 9දෙනෙකු යුධ හමුදාවෙන් නීත්‍යනුකූලව ඉවත් වී තිබේ.

පොදු සමා කාලය තුළ යුධ හමුදාවෙන් ස්වේඡාවෙන් ඉවත් ව ඇති සෙසු නිලයන් සංඛ්‍යාව 10,091කි.

 

Related posts

2019 ජනාධිපතිවරණයට අදාළ මුලික කටයුතු ඇරඹේ – ජා.මැ.කො.ස

Mohamed Dilsad

මුහුදුයාමේදී සැළකිලිමත් වන්න

Mohamed Dilsad

රුහුණු සරසවියේ නවක වද සිද්ධිය සම්බන්දයෙන් සිසුන් 19 දෙනෙක් රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment