ප්‍රමුඛ පුවත 1

2019 ජනාධිපතිවරණයට අදාළ මුලික කටයුතු ඇරඹේ – ජා.මැ.කො.ස

(UTV| කොළඹ) – ජාතික මැතිවරණ කොමිෂන් සභාව විසින් ජනාධිපතිවරණයට අදාළ මූලික කටයුතු ආරම්භ කර තිබෙන අතර ඉදිරි දින කිහිපය තුළදි ඡන්ද මධ්‍යස්ථාන නිරීක්ෂණය කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

මෙරට ස්ථාපිත කර ඇති ඡන්ද මධ්‍යස්ථාන ගණන 14000කට ආසන්න වන අතර එම ඡන්ද මධ්‍යස්ථාන ප්‍රමාණවත් ද යන කරුණ සම්බන්ධයෙන් මේ යටතේ අවධානය යොමු කිරීමට නියමිතයි.

මේ දිනවල 2019 ඡන්ද හිමි නාම ලේඛනයේ ප්‍රතිශෝධන කටයුතු සිදු වන නිසාවෙන් 2018 ඡන්ද හිමි නාම ලේඛනය යටතේ මෙවර ජනාධිපතිවරණය පැවැත් වීමට කටයුතු සුදානම් කර ඇත.

මැතිවරණ රාජකාරී සඳහා යොදා ගන්නා නිලධාරීන්ගේ දත්ත පත්‍රිකා කැඳවා ලබන මස අවසානය වන විට මැතිවරණ රාජකාරීවල නිරත නිලධාරීන් පුහුණු කිරීම ද ආරම්භ කිරීමට නියමිතයි.

ලබන ඔක්තෝබර් සහ නොවැම්බර් මාස දෙක අතර දිනකදී ජනාධිපතිවරණය පැවැත්වෙනු ඇතැයි අපේක්ෂාවෙන් එලෙස මූලික කටයුතු ආරම්භ කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

වර්ෂාව තවදුරටත් – දිස්ත්‍රික්ක කීපයකට නායයෑමේ අනතුරු ඇගවීම්

Mohamed Dilsad

රනිල් අධිකරණයට යාම ප්‍රතික්‍ෂේප කරයි

Mohamed Dilsad

ජාත්‍යන්තර, යතුරුපැදි ප්‍රදර්ශනය ඇමති රිෂාඩ් අතින් විවෘත වෙයි

Mohamed Dilsad

Leave a Comment