විදෙස්

තමිල්නාඩුවේ ජල්ලිකට්ටු ක්‍රීඩාව ක්‍රියාත්මක කිරීමට මෝඩිගේ සහය

(උදයම්,කොළඹ ) – තමිල්නාඩුවේ සාම්ප්‍රදායික ක්‍රීඩාවක් වන ගවයන් මෙල්ල කිරීමේ ක්‍රීඩාව හෙවත් ජල්ලිකට්ටු යළි ක්‍රියාත්මක කිරීම සඳහා සහාය ලබා දෙනබව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසයි.

ඔහු පවසා ඇත්තේ දෙමළ ජනතාවගේ සංස්කෘතික අභිලාෂයන් සපිරෙනු දැකීම තම අපේක්ෂාව බවයි.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ජල්ලිකට්ටු තහනම් කරනු ලැබුවේ එම ක්‍රීඩාවේදී ගවයන්ට කෲර අන්දමින් සලකන බවට සත්ත්ව අවිහිංසාවාදී කණ්ඩායම් ඉදිරිපත් කරනු ලැබූ පේතසම් හේතුවෙනි.

ඊට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනයේ තීන්දුව ඉදිරි සතියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතව බව ඉන්දීය පුවත්සේවා වාර්තා කරයි.

Related posts

ට්‍රම්ප් පැනවූ දෙවෙනි තහනමටද අධිකරණ වාරණයක්

Mohamed Dilsad

ගාසා තීරයට ඊශ්‍රායලයෙන් පැය 24ක කාලයක්

Mohamed Dilsad

විරෝධතාකරුවෝ පිරිසක් ඇමෙරිකාවේ කොලොම්බස්ගේ පිළිරුව විනාශ කරයි

Mohamed Dilsad

Leave a Comment