විදෙස්

විරෝධතාකරුවෝ පිරිසක් ඇමෙරිකාවේ කොලොම්බස්ගේ පිළිරුව විනාශ කරයි

(UTV | ඇමරිකාව) –  ඝාතනයට ලක්වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් පැවැත්වෙන විරෝධතාවයක් අතරවාරයේදී විරෝධතාකරුවෝ පිරිසක් ඇමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ රිච්මන්ඩ් හි පිහිටි ක්‍රිස්ටෝෆර් කොලොම්බස්ගේ පිළිරුවට ගිනි තබා එය කඩා බිඳ අසළ පිහිටි ජලාශයකට විසිකොට තිබේ.

1927 වසරේ දෙසැම්බර් මාසයේදී මෙම පිළිරුව ඉදි කර ඇති අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ දකුණු දිග ප්‍රදේශයක ඉදිකළ කොලොම්බස්ගේ පළමු පිළිරුව වන්නේ ද මෙයයි. 

වර්ජීනියා ප්‍රාන්තයේ රිච්මන්ඩ් නගරයේ පිහිටි ‘බර්ඩ්’ උද්‍යානයේ පැය දෙකකට අධික කාලයක් පැවැති විරෝධතාවලින් අනතුරුව විරෝධතාකරුවන් එලෙස පිළිරුවට ගිනි තබා කඩා බිඳ ජලාශයට විසිකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.   

විරෝධතාකරුවන් පිළිරුව තිබූ ස්ථානයෙන් ‘‘කොලොම්බස්ගෙන් නිරූපණය වන්නේ ජනඝාතනයක්’’ යැයි දැක්වෙන පුවරුවක් තබා තිබෙන අයුරු දැක්වෙන ඡායාරූපයක් ද ඇමෙරිකානු මාධ්‍ය ප්‍රසිද්ධියට පත් කළේය.

ඇමෙරිකානු කලාපය යුරෝපයේ කොලොනි බවට පත් වීමට මඟ පාදන ලද්දේ ක්‍රිස්ටෝෆර් කොලොම්බස්ගේ චාරිකා යැයි සැලකේ. ස්වදේශික ඇමෙරිකානුවන් ඝාතනයට ලක්වූයේ ඉන් අනතුරුව යැයි ද සඳහන් වේ.

Related posts

අසභ්‍ය ඡායාරුප අන්තර්ජාලය ඔස්සේ හුවමාරු කළ තවත් ඇමෙරිකානු සෙබළු පිරිසක්

Mohamed Dilsad

ඇමෙරිකාව ගත් දැඩි තීරණය

Mohamed Dilsad

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියාවට අනතුරු අඟවයි.

Editor O

Leave a Comment