විදෙස්

ඇමෙරිකාව ගත් දැඩි තීරණය

(UTV | කොළඹ) – එක්සත් ජාතීන්ගේ පාරිසරික ප්‍රඥප්තියෙන් ඉවත්වීමට ඇමෙරිකාව තීරණය කර තිබේ.

කෙසේ නමුත් මෙම තීරණය සම්බන්ධයෙන් රටවල් රැසක් සිය අප්‍රසාදය පල කර ඇති බව විදෙස් වාර්තා පවසයි.

ඇමෙරිකාව මෙම ප්‍රඥප්තියෙන් ඉවත්වන බව මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත දැනුම් දී තිබේ.

නමුත් ඇමෙරිකාව ගත් මෙම තීරණය සම්බන්ධයෙන් ප්‍රංශය සහ ජපානය ඇතුළු රටවල් රැසක් සිය කණගාටුව පල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව ඇමරිකාව මෙම ගිවිසුමෙන් ඉවත්වීමට නියමිතව ඇත්තේ 2020 එරට මැතිවරණය පැවැත්වෙන දිනට පසු දිනය.

ගෝලීය දේශගුණික විපර්යාස සඳහා වන මෙම ගිවිසුමට රටවල් 188ක් අත්සන් තබා තිබේ.

කෙසේ වෙතත් ඇමෙරිකානු රජය මෙම තීරණය ගත්තද එරට ව්‍යාපාර සහ පරිසර සංවිධාන තවදුරටත් එක්සත් ජාතීන්ගේ පාරිසරික ප්‍රඥප්තියේ අඩංගු කරුණු වලට අවධානය යොමු කරන බව විදෙස් වාර්තා වල දැක්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ශෂිකලා නටරාජන් බන්ධනාගාරගත කිරීමට සුදානම්

Mohamed Dilsad

ලොව පුරා රටවල් වලින් වාර්තාවී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව කෝටි 17 පනී

Mohamed Dilsad

ඊශ්‍රායලයෙන් සිරියාවට මිසයිල ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment