ප්‍රමුඛ පුවත 1

දුම්රියට දෙදෙනෙකු බිලි

(උදයම්,ගාල්ල)  –  වාද්දුව තල්පිටිය ප්‍රදේශයේදී දුම්රිය මාර්ගයේ ඇවිද යමින් සිටියදී දුම්රියේ ගැටී සිදුවූ අනතුරකින් තුවාල ලැබූ තිදෙනෙකු රෝහල් ගතකිරීමේදී ඉන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස්  ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ 41 හැවිරිදි පානදුර ප්‍රදේශයේ පදිංචි අයෙකු සහ 55 හැවිරිදි අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

අනතුර සිදුවන  අවස්ථාවේ ඔවුන් දෙදෙනා සමඟ දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටි අනෙක් පුද්ගලයා මේ වනවිට පානදුර රෝහලේ ප්‍රතිකාර ලබයි.

දේහයන් සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිත අතර පානදුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

 

Related posts

නාය යෑමේ අනතුරු ඇඟවීම දීර්ඝ කෙරේ.

Mohamed Dilsad

වීසා නොමැතිව මෙරට රැඳී සිටින්නන්ට ඇ.ඩො 500ක දඩ මුදලක්

Mohamed Dilsad

බණ්ඩාරවෙල නගර අලංකාර කරන සිසුන් අගයයි

Mohamed Dilsad

Leave a Comment