ප්‍රමුඛ පුවත 1

යතුරු පැදි අනතුරකින් දෙදෙනෙකු මරුට

(උදයම්,හම්බන්තොට)  –  හම්බන්තොට මිරිජ්ජවිල සූරියවැව මාර්ගයේ පළමු ගුවන් පාළම මත දී යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී අද (19) පෙරවරුවේ වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා සූරියවැව උණු දිය පොකුණ ප්‍රදේශයේ පදිංචි කැළුම් වීරසිංහ නමැති 36 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය හඳුනාගෙන තිබේ.

වෙඩි වැදීමට ලක් වු පුද්ගලයා තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කෙරුණි.

යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් මෙම වෙඩි තැබිම ගුවන් පාළම මතදී සිදු කර පලා ගොස් ඇති බව දැනට කර ඇති පරීක්ෂණ වලින් හෙලි වි ඇතැයි හම්බන්තොට පොලිසිය කියා සිටියේය.

වෙඩි වැදිමට ලක් වූ පුද්ගලයා පදවාගෙන ආ ස්කුටි යතුරුපැදිය මාර්ගයේ ඇතිල්ලී ගොස් පාළම අයිනේ වැටී තිබුණි.

නෝම්මර 12 හිස් පතොරොම් කොපු තුනක් සිද්ධිය  වූ ස්ථානයේ තිබී පොලිසිය සොයාගෙන ඇති බව සඳහන්ය.

වෙඩි වැදිමට ලක් වූ පුද්ගලයාගේ උර හිස ප්‍රදේශයට වෙඩි වැදිමෙන් තුවාල සිදු වි ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවේය.

 

Related posts

අගමැති අද ඉන්දීය සාගර සමුළුව ඇමතීමට සුදානම්

Mohamed Dilsad

ත්‍රිරෝද රථ ගාස්තු අද සිට ඉහළට

Mohamed Dilsad

ජනාධිපතිවරණයේදී ඡන්ද ප්‍රතිශතය 80% ක් ඉක්මවයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment