ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

සහල් මෙට්‍රික් ටොන් 55,000ක් ආනයනය කිරීමට සුදානම්

(උදයම්,කොළඹ)  –  දේශීය වෙළෙඳ‍පොළේ සහල් හිඟයක් ඇතිවීම වළක්වාලීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි සහල් මෙට්‍රික් ටොන් 55,000ක් ආනයනය කිරීමට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා තීරණය කරයි.

අමාත්‍යවරයාගේ උපදෙස් මත අමාත්‍යාංශ ‍ලේකම්වරයා, මුදල් අමාත්‍යාංශ නිලධාරින් දෙදෙනාගේ සහ ආහාර තාක්ෂණවේදියකු එම රටවලට ගොස් මෙරටට සුදුසු සහල් මොනවාද යන්න පිළිබඳ පරීක්ෂා කර බලා ඇති බවද එම අමාත්‍යාංශය පවසයි.

එම සංචාරයේ ප්‍රතිඵලයක් ලෙසින් මෙම සහල් තොගය ආනයනය කිරීමට නියමිතව ඇත.

ඒ අනුව මියන්මාරයෙන් සහල් මෙට්‍රික් ටොන් 30,000ක් සහ පාකිස්තානයෙන් සහල් මෙට්‍රික් ටොන් 25,000ක් මෙරටට ආනයනය කිරීමට නියමිතව ඇත.

මෙම සහල් තොගය ඉදිරි සති දෙක ඇතුළතදී මෙරටට ලැබිමට නියමිතව ඇත.

Related posts

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය ඉවත්කරන්නේ නැහැ – ඇමති සාගල මැති සබේ කියයි

Mohamed Dilsad

අද පස්වරුවේ වැසි සමඟ තද සුළං

Mohamed Dilsad

මහනුවර සිද්ධිය ගැන මානව හිමිකම් කොමිසම් පරීක්ෂණ අරඹයි

Mohamed Dilsad

Leave a Comment