ප්‍රමුඛ පුවත 1

පාරභෝගික සේවා අධිකාරියට මාධ්‍ය ඒකකයක්

(උදයම්,කොළඹ)  – කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයට අයත් පාරිභෝගික සේවා අධිකාරියේ මාධ්‍ය ඒකකයක් පිහිටුවීමට කර්මාන්ත හා වාණිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඩ් බදියුධීන් මහතා විසින් කටයුතු කරයි.

පාරිභෝගික සේවා අධිකාරියට මීට පෙර මාධ්‍ය ඒකකයක් නොතිබූ හෙයින් පාරභෝගික සේවා කටයුතු පිළිබඳ මහජනතාවට තොරතුරු දැන ගැනීමටත් මාධ්‍ය සමබන්ධීකරන කටයුතු සිදු කිරීමටත් නව මාධ්‍ය ඒකකය මගින් සිදු වෙයි.

මේ අනුව පාරිභෝගික සේවා අධිකාරියේ සහකාර මාධ්‍ය අධ්‍යක්ෂක වශයෙන් ජ්‍යේෂ්ඨ මාධ්‍ය වේදී බී.එච්.සී. උපුල් බාලසූරිය මහතා වෙත අමාත්‍ය රිෂාඩ් බදියුධීන් මහතා අතින් ඊයේ (12) දින කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේදී පත්වීම් ලිපිය භාර දෙන ලදි.

මාධ්‍යෙව්දී උපුල් බාලසූරිය මහතා අවුරුදු 22 ක මාධ්‍ය ක්ෂේස්ත්‍රෙය් නියලෙන අතරම මීට පෙර ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ වව්නියාව දිස්ත්‍රීක් ප්‍රවෘත්ති නිලධාරියා වශයෙන්ද ,උතුරු පලාත් ආණ්ඩුකාර වරයා වශයෙන් සිටි ජී.ඒ.චන්ද්‍රසිරි මහතාගේ මාධ්‍ය ලේකම් වශයෙන්ද කටයුතු කොට ඇති අතර උපුල් බාලසූරිය මහතා ජයවර්දනපුර විශ්ව විද්‍යාලයේදී උපාධිය හදාරා කොලඹ විශ්වවිද්‍යාලයේදී ජනමාධ්‍ය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවද හදාරා ඇත.

Related posts

FCID සහ CID ඒකාබද්ධව පරීක්ෂණ මෙහෙයවයි…

Mohamed Dilsad

මෙරට දැවැන්තම ආහාර ඇසුරුම් හා කෘෂිකර්ම ප්‍රදර්ශනය එළි දැක්වීම ඇමති රිෂාඩ්ගේ ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

රිෂාඩ් බදියුදීන් මහතා නව අමාත්‍ය ධුරයේ වැඩ භාර ගනී

Mohamed Dilsad

Leave a Comment