ප්‍රමුඛ පුවත 1

පැය 16ක ජල කප්පාදුවක්

(උදයම්,කොළඹ)   –   අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව පෙරවරු 08 සිට රාත්‍රී 12 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටවන්නේ වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, මොරොන්තුඩුව, කටුකුරුන්ද, නාගොඩ, බෙන්තොට, පයාගල සහ උතුර සහ දකුණු කළුතර යන ප්‍රදේශවලටය.

එමෙන්ම බෝම්බුවල, මග්ගොන, කළුවාමෝදර, මොරගල්ල, දර්ගා නගරය, අලුත්ගම සහ පිලමිනාවත්ත යන ප්‍රදේශවලටද ජල සැපයුම අත්හිටවනු ඇත.

Related posts

අර්ධ අබාධිත සෙබළුන්ට වැටුපෙන් 75% විශ්‍රාම වැටුපක් ලෙස

Mohamed Dilsad

දුවගේ පහර දීමෙන් මවක මරුට

Mohamed Dilsad

හිරුණිකාට මහජනතාවගෙන් විරෝධතාවක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment