ප්‍රමුඛ පුවත 1

අතහැර දමා ඇති ඉඩම්වලින් අද සිට බද්දක් අය කිරීමට

(උදයම්,කොළඹ)   –  සංවර්ධනය නොකර අතහැර දමා ඇති ඉඩම්වලින් අද සිට බද්දක් අයකිරීමට රජය තීරණය කරයි.

ඒ අනුව මේ සම්බන්ධයෙන්  බස්නාහිර පළාතේ පළාත්පාලන ආයතනවලට උපදෙස් ලබාදුන් බව පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පවසයි.

මේ වනවිට පවතින ඩෙංගු වසංගත තත්ත්වය හේතුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

මේ අනුව ඉඩමේ වටිනාකමින් සියයට 2 ක උපරිමයකට යටත්ව බද්දක් අය කෙරෙන බව ප්‍රධාන අමාත්‍යවරයා පෙන්වා දෙයි.

මේ වනවිටත් අතහැර දමා ඇති ඉඩම්වල ඩෙංගු ව්‍යාප්තිය සිදුවන බවට ජනතාවගෙන් පැමිණිලි ලැබී ඇත.

Related posts

ගිනි අවියක් ක්‍රියාත්මක වී පුද්ගලයෙකු මරුට

Mohamed Dilsad

ගාලු පාරේ කොටසක් වැසේ

Mohamed Dilsad

පාර්ලිමේන්තු තේරිම් කාරක සභාවට පක්ෂව ඡන්ද 121 යි

Mohamed Dilsad

Leave a Comment