කලා

ශාරුක් ඛාන්ගේ නවතම චිත්‍රපටයට වාරණයක්

(උදයම්,ඉන්දියාව)  –  සුපිරි නළු ශාරුක් ඛාන් හා අනුශ්කා ශර්මාගේ අලුත්ම චිත්‍රපටය වන ‘Jab Harry Met Sejal’ වාරණය කර ඇති බව වාර්තාවේ.

ඒ එම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය නිකුත් වීමත් සමඟය.

මෙහි වැඩිහිටියන්ට පමණක් නැරඹිය හැකි දර්ශන රැසක්  ඇතුලත්ව තිබීම ඊට හේතුවයි.

මේ වන විටත් ඉන්දීය චිත්‍රපට පාලක මණ්ඩලය විසින් මෙය සංශෝධනය කළ යුතු බවට නිශ්පදක මණ්ඩලයට දන්වා තිබේ.

ඉම්ටියාස් අලි විසින් අධ්‍යක්ෂණය කරන Jab Harry Met Sejal චිත්‍රපටය අගෝස්තු මස 4 වනදා තිරගත වීමට නියමිතය.

Related posts

Willy Wonka චරිතය නැවතත් චිත්‍රපටයක් ලෙස එළිදැක්වීමට සූදානම්

Mohamed Dilsad

මෙරට ප්‍රථම නූතන හා සමකාලීන කලා කෞතුකාගාරය විවෘත වෙයි [PHOTOS]

Mohamed Dilsad

චන්දිමාල් ජයසිංහ මෙවර උපන් දිනය සැමරූ අයුරු [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment