ප්‍රමුඛ පුවත 1

ඇමති ටී.බී.ට කැපිල්ලක්

(උදයම්,කොළඹ)   – ඉදිරියේදී පැවැත්වෙන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ රහස් සාකච්ඡා සඳහා රාජ්‍ය අමාත්‍ය ටී බී ඒකනායක මහතා සම්බන්ධ කර නොගැනීමට තීරණය කර ඇති බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගියදා අමාත්‍යවරයා විසින් මාධ්‍යයට කල ප‍්‍රකාශයක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

රාජ්‍ය අමාත්‍ය හා නියෝජ්‍ය අමාත්‍ය ධුර හොබවන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත‍්‍රීවරු 18 දෙනෙකු ආණ්ඩුවෙන් ඉවත් වන බව අමාත්‍යවරයා පසුගියදා මාධ්‍යයට ප‍්‍රකාශ කළේය.

ඔවුන් ආණ්ඩුවෙන් ඉවත් වීමෙන් පසු ස්වාධීන මන්ත‍්‍රීවරු පිරිසක් ලෙස පාර්ලිමේන්තුවේ පෙනී සිටීමට තීරණය කර ඇති බව අමාත්‍යවරයා  ප‍්‍රකාශ කර තිබුණි.

මෙම රහස් සාකච්ඡාවේ දී ගත් තීරණ අවසරයකින් තොරව මාධ්‍යයට ප‍්‍රකාශ කිරීම හේතුවෙන් ඉදිරි සාකච්ඡා සඳහා අමාත්‍යවරයා සම්බන්ධ කර නොගැනීමට එම මන්ත‍්‍රී කණ්ඩායම තීරණය කර ඇති බව වාර්තාවේ.

Related posts

ගුරුවරු අද උද්ඝෝෂණයක

Mohamed Dilsad

මරණ දඬුවම ගැන ජගත් මහලේකම් ජනපතිගෙන් කරුණු විමසයි.

Mohamed Dilsad

වෙඩි හුවමාරුවකින් පාකිස්ථාන සෙබලුන් 03 ක් ජිවිතක්ෂයට..

Mohamed Dilsad

Leave a Comment