ක්‍රීඩා

ශ‍්‍රී ලංකාව සහ සිම්බාබ්වේ තුන්වන එක්දින ක‍්‍රිකට් තරගය හෙට

(උදයම්,කොළඹ)  –  ශ‍්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තුන්වන එක්දින ක‍්‍රිකට් තරගය හෙට (06)  හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදී  පැවැත්වේ.

මෙම ක‍්‍රීඩාංගණයේ එක්දින තරගයක් පැවැත්වෙන්නේ වසර දෙකකට පසුව වීම ද විශේෂත්වයකි.

මේ අතර සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන ඉදිරි එක්දින තරග තුන සඳහා සුරංග ලක්මාල් හා චාමර කපුගෙදර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් සංචිතයට කැඳවා ඇති බව වාර්තාවේ.

ඒ පළමු තරග දෙකට නම් කළ සංචිතයට සිටි ළහිරු මධුශංක හා අමිල අපොන්සු ඉවත් කරමිනි.

මෙම ක‍්‍රීඩාංගණය අවට වන අලි ගැවසෙන බැවින් ක‍්‍රීඩා ලෝලීන් එම ප‍්‍රදේශවලට යාම වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ඇති බව හම්බන්තොට වනජීවි කාර්යාලය පවසයි.

තරග 05 කින් සමන්විත ශ‍්‍රී ලංකා සිම්බාබ්වේ තරගාවලිය එකට එකක් ලෙස මේ වනවිට පවතින්නේ සම තත්ත්වයේය.

Related posts

ලොව අංක ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවික්ගේ වීසා බලපත්‍රය අවලංගු කරයි

Mohamed Dilsad

ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ

Mohamed Dilsad

IPL හි අසේල ගුණරත්නට තැබූ ලන්සුව ලක්ෂ 30 යි

Mohamed Dilsad

Leave a Comment