ප්‍රමුඛ පුවත 1

මාධ්‍යවේදී මෙල් ගුණසේකර මෙනෙවිය ඝාතනය කළ විත්තිකරුට මරණ දඬුවම්

(උදයම්,කොළඹ)   –  මාධ්‍යවේදී මෙල් ගුණසේකර මෙනෙවිය ඝාතනය කළ බවට අධි චෝදනා ලැබ සිටින විත්තිකරුට මරණ දඬුවම නියම කරයි.

එම නඩුවේ තීන්දුව අද (05) කොළඹ මහාධිකරණයේදී ප්‍රකාශයට පත් කරමින් වරදකරුට මරණ දඬුවම නියම කෙරුණි.

කොළඹ මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ මහතා අද  එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළේය.

2014 පෙබරවාරි මාසයේදී බත්තරමුල්ල ප්‍රභූතිපුරදී සොරකමකට නිවසට අයුතු ලෙස ඇතුළුවී එම නිවස කොල්ලකා නිවසේ සිටි මෙල් ගුණසේකර මෙනෙවිය ඝාතනය කළ බවට නීතිපතිවරයා විසින් අධි චෝදනා තුනක් මත දොම්පේ ප්‍රදේශයේ පදිංචිව සිටි දුරුලාන්දු ඇන්තනි රම්සන් ජෝර්ජ් නමැති විත්තිකරුට එරෙහිව එම නඩුව පවරා තිබුණි.

මෙම විත්තිකරු ඝාතනයට ලක්වූ මෙල් ගුණසේකර මෙනෙවියගේ නිවස පින්තාරු කිරීම සඳහා පැමිණි පින්තාරුකරු වේ.

මෙල් ගුණසේකර මෙනවියගේ මව, පියා හා සහෝදරයා ආගමික වතාවත් සඳහා උදෑසන පල්ලියට ගිය අවස්ථවේ නිවස කොල්ලකෑමේ අදහසින් නිවසට ඇතුළු වූ විත්තිකරු විසින් නිවසේ තිබූ පාන් කපන පිහිවලින් කපා මෙල් ගුණසේකර මෙනෙවිය ඝාතනය කර ඇති බව චෝදනා නඟා තිබුණි.

Related posts

2015 පලවා හරින ලද අය නැවත බලයට එපා [VIDEO]

Mohamed Dilsad

පාර්ලිමේන්තුව දෙසැම්බර් මුල් සතියේ රැස්වීමට සුදානම්

Mohamed Dilsad

දුම්වැටි තොගයක් සමඟ අයෙක් රේගු දැලේ

Mohamed Dilsad

Leave a Comment