විදෙස්

අමෙරිකානු ජනාධිපතවරයා පිළිබඳ තවත් ආන්දෝලනාත්මක වීඩියෝවක් (වීඩියෝ)

(උදයම්,ඇමෙරිකාව)   –  අමෙරිකානු ජනාධිපතවරයා පිළිබඳ තවත් ආන්දෝලනාත්මක වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැරේ.

එය පළමුව ට්විටර් සමාජ ජාල මාධ්‍ය වෙත නිකුත් කර ඇත්තේ ද ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජනාධිපතිවරයා විසිනි.

ඔහුගේ ට්විටර් ගිණුම ට්විටර් සාමාජිකයින් මිලියන 19ක් පරිශීලනය කරයි.

මෙහි  දැක්වෙන්නේ රෙස්ලින් තරගයක් අතරතුර හදිසියේ පැමිණෙන ඩොනල්ඞ් ට‍්‍රම්ප් එහි සිටින පුද්ගලයෙකුට පහරදෙන ආකාරයයි.

එම පුද්ගලයාගේ මුහුණට CNN මාධ්‍ය ජාලයේ නිල මුද්‍රාව ඇතුළත් කර මෙම වීඩියෝව සකස් කර තිබේ.

වීඩියෝව අන්තර්ජාලයට මුදා හරිමින් ට‍්‍රම්ප් පවසා ඇත්තේ CNN මාධ්‍ය ජාලය ජනතාව රවටන ප‍්‍රවෘත්ති පළ කරන බවය.

2007 වසරේ පැවති ලෝක රෙස්ලින් ශූරතාවලියට ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහභාගී වූ අතර එහිදී පුද්ගලයෙකුට පහරදීම මීට පෙර ලොව පුරා කතා බහට ලක් විය.

එම වීඩියෝව නැවත ප‍්‍රතිනිර්මාණය කරමින් යළි අන්තර්ජාලයට එක්කර ඇත.

Related posts

ඊශ්‍රායල් ප්‍රහාරයකින් පලස්තීනුවන් 70ක් ජීවිතක්ෂයට

Editor O

මැද පෙරදිග ගැටුම් වහා අත්හිටුවන්න – ජගත් මහ ලේකම් දෙරට නායකයන්ට දන්වයි

Mohamed Dilsad

ඉරාන තානාපතිවරයාට, රටින් පිටවන ලෙස ඕස්ට්‍රේලියානු රජය දැනුම් දීමන්

Editor O

Leave a Comment