Trending News

නෙවිල් ප්‍රනාන්දු රෝහලේ වටිනාකම රුපියල් බිලියන 3.55ක්,රජය තක්සේරු කරයි

(උදයම්,කොළඹ)  – නෙවිල් ප්‍රනාන්දු රෝහල ශ්‍රී ලංකා රජය වෙත පවරා ගැනීමටත්, එම රෝහල ස්ථාපනය කිරීම සඳහා SAITM ආයතනය විසින් ලංකා බැංකුවෙන් ලබා ගනු ලැබ ඇති ණය මුදල වසර 10ක් තුළ නිරවුල් කිරීමෙන් අනතුරුව, එහි හිමිකම රජය වෙත මුළුමණින්ම පවරා ගැනීමටත් රජය තීරණය කොට ඇත.

 වර්තමානයේ ශ්‍රී ජයවර්ධනපුර රෝහල පාලනය වන ආකෘතියට සමානව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය විසින් පත් කරනු ලබන පාලක මණ්ඩලයක් මඟින් මෙම රෝහල කළමනාකරණය කිරීම මඟින් මහජනතාවට නොමිලේ සෞඛ්‍ය සත්කාරක සේවා ලබාදීම ඉදිරියේ දී සිදු කෙරෙනු ඇත.

ඇඳන් 100ක් සහිත කාමර පහසුකම් සහ ඇඳන් 500කින් යුතු සාමාන්‍ය වාට්ටු සහිත පෞද්ගලික රෝහලක් ලෙස 2013 වසරේදී ආරම්භ කරන ලද මාලඹේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශ්‍රී ලංකා රුසියානු මිත්‍රත්ව රෝහල මසකට බාහිර රෝගීන් 3,000කට පමණ සහ නේවාසික රෝගීන් 100කට පමණ ප්‍රතිකාර ලබා දෙමින් ක්‍රමික වර්ධනයක් අත් කර ගනු ලැබූ නමුත් දැනට පැනනැඟී ඇති වාතාවරණය හමුවේ වෛද්‍ය සිසුන් පුහුණු කිරීමට ප්‍රමාණවත් නේවාසික රෝගීන් සංඛ්‍යාවක් එම රෝහල වෙත යොමු කරගැනීමේ අපහසුතා මතු වී තිබෙන බැවින් රජය විසින් මෙම තීරණය ගෙන ඇත.

නැ‍ඟෙනහිර කොළඹ ප්‍රදේශයේ තෘතීය සෞඛ්‍ය සත්කාර සේවා සපයන ආයතනයන්ගේ පවතින සීමිත බව සහ අධීවේගී මාර්ගයට සමීපව පිහිටා තිබීම හේතුවෙන් දුර බැහැර රෝගීන්ට පහසුවෙන් ප්‍රවේශවීමට ඇති හැකියාව සැලකිල්ලට ගෙන මෙම පියවර ගෙන ඇත. මෙම රෝහලේ වටිනාකම රුපියල් බිලියන 3.55ක ලෙස තක්සේරු කොට ඇත.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න සහ උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහත්වරුන් විසින් ඒකාබද්ධ  අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යෝජනාවක් අනුව අමාත්‍ය මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇත.

තවද, දකුණු ආසියානු තාක්ෂණ හා වෛද්‍ය විද්‍යා ආයතනයේ (SAITM) අයිතිය පුළුල් කිරීම සම්බන්ධයෙන් අදාළ සියලු පාර්ශ්ව විමසා විකල්ප යෝජනා ඉදිරිපත් කළ යුතු බවටද කැබිනට් මණ්ඩලයේ දී තීරණය වී ඇත.

Related posts

Gotabaya Rajapaksa assumes duties as 7th Executive President of Sri Lanka

Mohamed Dilsad

Bangladesh chase 322 to beat West Indies

Mohamed Dilsad

නව ආර්ථිකයක් සමඟ නව අධ්‍යාපන ක්‍රමයක් ද රටට හඳුන්වා දෙනවා – ජනාධිපති

Editor O

Leave a Comment