ක්‍රීඩා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මීළඟ ප්‍රධාන පුහුණුකරු කවුද?

(උදයම්,කොළඹ)   –  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ පත් කරගැනීම කෙරෙහි අවධානය යොමු වෙයි.

නමුත් චන්දික හතුරුසිංහ වසර 2019 වන තෙක් බංග්ලාදේශ ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කිරීමටයි ගිවිසුම් අත්සන් කර තිබේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඔහු සමග සාකච්චා සිදුකරමින් ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ආරංචි මාර්ග පවසයි.

ඔහු ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග එක්කර ගන්නේ නම් ගිවිසුමට අදාළ ඉතිරි කාලයේ ගෙවීම් සිදු කිරීමට ශ‍්‍රී ලංකාවට සිදුවනු ඇත.

ඊට අමතරව නවසීලන්තයේ ස්ටීවන් ෆ්ලෙමින්, හෝ ඕස්ටේ‍්‍රලියාවේ ටොම් මෝඩි ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ධුරය සඳහා එක්කර ගැනීමට ද ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ අවධානය යොමුව ඇති බව සඳහන්.

Related posts

ඇෆ්ගනිස්ථානය සහ ඕස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරගයක්

Mohamed Dilsad

පළාත් 20යි-20ට පුහුණුකරුවන් 04 ක්

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණූ 659 ක ඉලක්කයක්..

Mohamed Dilsad

Leave a Comment