ප්‍රමුඛ පුවත 1

වර්ජනයෙන් දුම්රිය ධාවනයට බාධාවක් නෑ

(උදයම්,කොළඹ)  –  ඊයේ(21) මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කර ඇති දුම්රිය එන්ජින් රියදුරු සහයකවරුන්ගේ වැඩ වර්ජනයෙන් දුම්රිය ධාවනයට කිසිදු බාධාවක් සිදුවී නොමැති බව දුම්රිය බලධාරීහු පවසති.

බඳවාගැනීමේ පටිපාටිය සංශෝධනය කිරීමට එරෙහිව මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කර ඇත.

මේ වන විට වැඩ වර්ජනය ක්‍රියාත්මක බව දුම්රිය එන්ජින් රියදුරු සහයක සංගමයේ උප සභාපති පී.කේ.ඩී පෙරේරා මහතා සඳහන් කළේය.

නමුත් අද දින දුම්රිය ධාවන කටයුතු සම්බන්ධයෙන් අප කළ විමසීමකදී දුම්රිය පාලක මැදිරියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ සාමාන්‍ය පරිදි සිදුවන බවය.

Related posts

විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම පහළට

Mohamed Dilsad

අසාද් සාලි ගැන ලැබුණු පැමිණිල්ල

Mohamed Dilsad

සාපෙළ පිළිතුරු ඇගයීම් කටයුතු යළි ලබන සතියේ

Mohamed Dilsad

Leave a Comment