ප්‍රමුඛ පුවත 1

සයිටම් විරෝධයට පොලිසියෙන් ප්‍රහාර 96ක් රෝහලේ

(උදයම්,කොළඹ)  –  සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වු සරසවි සිසුන් විසුරුවා හැරීමේ දී ඇති වු නොසන්සුන්තාවය අතර තුර තුවාල ලැබූ සරසවි සිසුන් 96 ක් පමණ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලමින් සරසවි සිසුහු මෙලෙස අද විරෝධතාවයේ නිරත වුහ.
පසුව ඔවුන්  බලහත්කාරයෙන් සෞඛ්‍ය අමාත්‍යංශ පරිශ්‍රයට ඇතුළු වූ අතර මාර්ගය සම්පූර්ණයෙන් අත්පත් කරගනිමින් ගමනාගමනයට බාධා එල්ල කරන තිබේ.

මෙහිදී ඇතිවූ තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය විසින් ජල ප්‍රහාර එල්ල කළ අතර එම අවස්ථාවේ දී සිසුන් මෙලෙස තුවාල ලබා ඇත.

මේ සම්බන්ධයෙන් අප කළ කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ, වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කියා සිටියේ මෙහිදී තුවාල ලැබූ සිසුන් 80ක් පමණ රෝහලට ඇතුළත් කර ඇති බවයි.

තවද පොලීසියේ පස් හය දෙනෙකුද තුවාල ලබා රෝහලට ඇතුළත් කර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

සැවොයි සිනමාහල අසල තිබු සැක කටයුතු යතුරු පැදියක් පුපුරුවයි.

Mohamed Dilsad

බස් රථ තුල ප්‍රචාරය කල හැකි ගීතවලට රජයෙන් අනුමැතියක්.

Mohamed Dilsad

පාසල්වල තොරතුරු තාක්‍ෂණ ගැටලුවලට විසඳුම්

Mohamed Dilsad

Leave a Comment