ප්‍රමුඛ පුවත 1

සිරුරට ගිනි ඇවිලිමෙන් පුද්ගලයෙකු මරුට

(උදයම්,නුවරඑළිය)  –  බගවන්තලාව පොලිස් වසමට අයත් ෆෙටිරසෝ වතුයායේ පදිංචි වතුකමිකරුවෙකුගේ සිරුරට ගිනි ඇවිලිමෙන් ජිවිතක‍ෂයට පත්වෙයි.

බගවන්තලාව පොලිසිය පැවසුවේ මියගොස් ඇත්තේ එම වතුයායේම පදිංචි සුබ්‍රමනියමි මර්දෙයි නැමැති වයස අවුරුදු 70වක තිදරු පියෙකු බවය.

ඊයේ පස්වරු 5.30 ට පමණ මියගිය අය සිරුරේ ගිනි ඇවිලෙමින් නිවසේ වැතිරි සිටි බව මියගිය අයගේ ලේලි විසින් බගවන්තලාව පොලිසියට පවසා තිබේ.

සිරුරට ගිනි ගත් ආකාරය පිළිබදව බගවන්තලාව පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරීක‍ෂණ ආරම්භ කර ඇත.

 

Related posts

“අපි වැඩ කළා, ඒත් ඒවා ජනතාවට සන්නිවේදනය වුණේ නෑ” – ඇමති සාගල කියයි

Mohamed Dilsad

උතුරේ පුනරුත්ථාපනය වූවන්ට වෘතීය පුහුණුව

Mohamed Dilsad

ගංවතුරෙන් අවතැන්වූ ජනතාවට සහන සැළසීම සඳහා ඉන්දීය නාවික හමුදා කර්ච් නෞකාව කොළඹ වරායට පැමිණේ

Mohamed Dilsad

Leave a Comment