ප්‍රමුඛ පුවත 1

ගංවතුරෙන් අවතැන්වූ ජනතාවට සහන සැළසීම සඳහා ඉන්දීය නාවික හමුදා කර්ච් නෞකාව කොළඹ වරායට පැමිණේ

(උදයම්, කොළඹ) – අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් ශ්‍රී ලාංකික ජනතාවට සහන සැලසීම සඳහා ආධාර රැගත් ඉන්දියානු නාවික හමුදාවට අයත් කර්ච් නෞකාව අද (27) කොළඹ වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.

මෙම අවස්ථාව සඳහා විදේශ කටයුතු අමාත්‍ය ගරු රවී කරුණානායක මහතා, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමාසරිස් අතිගරු තරන්ජිත් සිං සන්ධු මහතා, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිරාජ ආටිගල මහතා, ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ නිලධාරීන් පිරිසක්, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක, කපිතාන් අශෝක් රාඕ මහතා සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය සහ අන්‍යේන්‍ය සහයෝගීතාවය මත මෙම ආධාර තොගය ශ්‍රී ලංකාවට ලබා දීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය ගරු නරේන්ද්‍ර මෝදි මැතිතුමා කටයුතු කර ඇත. ඒ අනුව ඊයේ (26) ඉන්දියානු දේශ සීමාවේ මුර සංචාරයේ නියුතු එම නෞකාව මෙරට බලා යාත්‍රා කර ඇත. වියළි ආහාර ද්‍රව්‍ය, පානීය ජල බෝතල්, කූඩාරම් සහ බෙහෙත් වර්ග මෙම නෞකාවන් මගින් රැගෙන එන ලදී. තවද, ගං වතුරින් අවතැන් වූ පුද්ගලයන් මුදවා ගැනීම සඳහා ජීවිතාරක්ෂක කණ්ඩායමක් ද මෙම නෞකාව සමග ශ්‍රී ලංකාවට පැමිණෙන ලදී.

මෙවන් ස්වාභාවික ව්‍යසනයන් හමුවේ තම අසල්වැසි රාජ්‍යයට උපකාර කිරීමට ඉන්දීය රජය ඉදිරිපත් වීම දෙරටේ මිත්‍රත්වය සහ නාවික හමුදාවන් අතර පවතින අන්තර් සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කිරීමක් ලෙස සඳහන් කළ හැක.

Related posts

පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් 3ක්

Mohamed Dilsad

නීතිපතිවරයාගෙන් වැඩබලන පොලිස්පතිවරයාට නියෝගයක්

Mohamed Dilsad

ලංගම සභාපති ඉල්ලා අස්වෙයි..

Mohamed Dilsad

Leave a Comment