ප්‍රමුඛ පුවත 1

සැලසිනේ රූපවාහිනී ආයතනයේ සභාපති ධුරයට ශාන්ත බණ්ඩාර ජයවර්ධන

(උදයම් , කොළඹ)  –  සැලසිනේ රූපවාහිනී ආයතනයේ සභාපති, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික ලෙස ක්ෂේත‍්‍රයේ දැවැන්තයෙකු වන ශාන්ත බණ්ඩාර ජයවර්ධන මහතා තෝරාපත් කර ගෙන තිබේ.

ඒ මහතා ජාතික තරුණසේවා සභාවේ මිස්කෝ වීඩියෝ ආයතනයෙන් රූපවාහිනී මාධ්‍ය හදාරා ඇති අතර ටෙලිසිනේ ආයතනයේ ආචාර්්‍ය ඩී.බී නිහාල් සිංහ මහතා යටතේ රූපවාහිනී මාධ්‍ය ක්ෂේත‍්‍රයට අවතීර්ණ විය.

ස්වාධීන රූපවාහිනියේ නිෂ්පාදකවරයෙකු වශයෙන්ද සිරස රූපවාහිනී ආයතනයේ ආරම්භක සාමාජිකයෙකු ලෙස රස රිසි ගී හා අපි නොදන්න ලයිව් වැනි වැඩසටහන් හී නිෂ්පාදකවරයා ලෙස කටයුත් කළ ඒ මහතා ඉන්පසුව වෙළද දැන්වීම් ක්ෂේත‍්‍රයේ කටයුතු කළේය.

ශාන්ත බණ්ඩාර මහතා රූපවාහිනී වාර්තා වැඩසටහන් 100කට පමණද, වෙළද දැන්වීම් 100ට හා ගීත රූප රචනා 200කට වැඩි ප‍්‍රමාණයක් කර ඇති අතර මව්බිම පුවත්පතේ හද ගැස්ම අතිරේකයේ හා සත්හඩ පුවත්පතේ කැදැල්ල අතිරේකයේ නිර්මාතෘවරයාද වන්නේය.

ඒ මහතා ප‍්‍රසන්න විතානගේ මහතා විසින් අධ්‍යක්ෂණය කළ පුරහද කළුවර චිත‍්‍රපටයේ සහය අධ්‍යක්ෂකවරයාද වේ.

ඔහු විද්‍යාවේදී උපාධිරියෙකු හා ජන සන්නිවේදන ඩිප්ලෝමාධාරියෙකු වන අතර මේ වන විට හොරණ ශ‍්‍රීපාලි විශ්වවිද්්‍යාලයේ භාහිර කතිකාචාර්්‍යවරයෙකු වශයෙන් සේවය කරයි.

ඔහු මෙම ක්ෂේ‍්‍රත‍්‍රය පිළිබද අවුරුදු 25ක පමණ පළපුරුද්දක් ඇති ප‍්‍රවීණයෙකි.

Related posts

අදත් දිස්ත්‍රික්ක කීපයකට උණුසුම් කාළගුණයක්…

Mohamed Dilsad

2017 වර්ෂයේදී ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි 8548ක්

Mohamed Dilsad

ජනපති මඩු දේවස්ථානයට ගොස් ආශිර්වාද ලබා ගනී

Mohamed Dilsad

Leave a Comment