Trending News

අද මධ්‍යම රාත්‍රීයේ දුම්රිය වර්ජනයේ වෙනසක් නෑ

(උදයම්,කොළඹ)  –  දුම්රිය රියදුරන් අද (20) මධ්‍යම රාත්‍රීයේ සිට වැඩ වර්ජනයක නිරත වීමට නියමිතය.

ලෝකමෝටිව් ඔපරේටින් ඉංජිනියර් සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේ ඉල්ලීම්  8ක් මුල් කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවය.

මෙම වර්ජනය සඳහා දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ සහය ද පළ කර ඇත.

අවස්ථා ගණනාවකදී සිය ගැටළුවලට විසඳුම් ලබාදෙන බවට බලධාරීන් පොරොන්දු ලබාදුන්න ද මෙතෙක් ඊට නිසි ප්‍රතිචාර දක්වා නොමැති බව ඉන්දික දොඩංගොඩ මහතා සඳහන් කළේය.

ඒ අනුව සිය ගැටළුවලට විසඳුම් ලැබෙන තුරු අඛණ්ඩව වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිත බව ඉන්දික දොඩංගොඩ මහතා අවධාරණය කළේය.

Related posts

ரஜினியுடன் நடிக்கும் திருநங்கை

Mohamed Dilsad

தேர்தல் கடமைக்காகச் சென்ற வாகனம் விபத்து

Mohamed Dilsad

ரஜரட்ட பல்கலைக்கழகத்தின் விவசாய பீட மாணவர்களுக்கு விடுமுறை

Mohamed Dilsad

Leave a Comment