ප්‍රමුඛ පුවත 1

දරු දුක නොදන්නා දරුවෝ

(උදයම්,කොළඹ) – තම පුත්‍රයාගේ වියෝව දරා ගැනීමට නොහැකිව ඔහුගේ දේහය නිවසට රැගෙන ආ දිනයේ දරු  සෙනෙහස වාවාගත නොහැකිව හදවත නතරවීමෙන් මවක් මියයෑමේ කනගාටුදායක පුවතක් පසු ගියදා වාර්තා විය.

දරුවෙකු මෙලොව බිහි කිරීමට මවක් පියෙක් කොතරම් දුකක් විදිනවද විඳවනවාද කියා දරුවන් සිතන අවස්ථා අඩුය.

මේ ඡායාරූප වල ඉන්නේ ප්‍රේම සබඳතා අසාර්ථක වීම නිසා තම පෙම්වතාගේ වියෝව දරාගත නොහැකිව දුම්රියට දිවි දුන් බව කියන දෙන්නෙකි. කොච්චර උගත් වුණත් අභියෝග හමුවේ ජීවිතය ගෙවන්න ආත්ම ශක්තිය නැත්නම් උගත්කමෙන් ප්‍රතිඵලයක් නොමැත.

මේ අතර පසුගියදා කොට්ටාව දුම්රියපළ අසලදි දුම්රියකට පැන සිය දිවි නසා ගත්තේ යැයි සැළකු 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවගෙ මරණය ඝාතනයක් බව ඔහුගෙ පියා පවසයි.

ව්‍යාපාරිකයෙකු වන ඇයගෙ පියා මාධ්‍යයට අදහස් දක්වමින් පවසා සිටියේ මෙය කිසිවෙකු හෝ සිතාමතා සිදුකල අපරාධයක් බවත්, සිය දියණිය සිහිසුන් කර රේල් පීළි මත තබා මේ ඝාතනය සිදු කර ඇතැයි තමන් සැක කරන බවත් ය.

මියගිය තරුණියගේ උරහිස් මත ඇයගේ පාසල් බෑගය සහ සාක්කුවෙ ජංගම දුරකථනය තිබීමත් සැක සහිත බවත්, ඇය කිසිදිනෙක ජංගම දුරකථනය සිය බෑගයෙ මිස සාක්කුවෙ දමා නොගන්නා බවත් ඔහු පැවසීය. වැසි දිනයක් වු එදින මියගිය තරුණියගේ පාවහන් මත මඩ තැවරී නොතිමෙන් කිසිවෙකු හො විසින් ඇය ඔසවා ගෙන පැමින තිබෙන බව තහවුරු වන බවද ඔහු මාධ්‍යයට පැවසීය.

මියගිය මෙම  සිසුවිය කොළඹ ප්‍රධාන බාලීකා පාසලක උසස් පෙළ හදාරා ඇති අතර ඇය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන්ද “ඒ” සමාර්ථ නවයක් ලබා ගත් දීප්තීමත් ශිෂ්‍යාවක්දවේ.

 

Related posts

ඉදිරියේදී ශ්‍රී ලංකාව අවයව බද්ධ කිරීමේ කේන්ද්‍රස්ථානයක්.

Mohamed Dilsad

එජාපයේ විරෝධතාවයෙන් පුරහල අවට දැඩි තදබදයක්

Mohamed Dilsad

පහළ ගිය ඉන්ධන ගාස්තු අද සිට

Mohamed Dilsad

Leave a Comment