ප්‍රමුඛ පුවත 1

මුහුණු පොතේ ගෙන ගිය මඩ ප්‍රචාරය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වන බව ඇමති ගයන්ත කියයි

(උදයම්,කොළඹ)  –  ආපදාවට පත් වූ ජනතාවට තමන්ගේ නම යොදා කෙසෙල් බෙදූ බවට මුහුණු පොතේ ගෙන ගිය මඩ ප්‍රචාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වන බව ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.

ආපදා තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පවතින විවාදයේ දී මතු වූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.

තමන්ගේ නම යොදා එවැනි බෙදා දීමක් සිදුව නැතැයි ද එවැනි තුට්ටු දෙකේ වැඩ නොකරන බවද අමාත්‍යවරයා කීය.  මෙය සිදු කළ පුද්ගලයා සොයා නීතිය ක්‍රියාත්මක කිරීමට සී .අයි.ඩී  වෙත පරීක්ෂණයක් පැවැත්වීමට බාර දුන් බවද අමාත්‍යවරයා පැවසී ය.

Related posts

කොරෝනා හැකි ඉක්මනින් රටින් තුරන් කිරීම රජයේ අපේක්ෂාවයි – පවිත්‍රා

Mohamed Dilsad

ජාත්‍යන්තර, ප්ලාස්ටික් නිෂ්පාදකයින්ගේ ප්‍රදර්ශනය ඇරඹේ

Mohamed Dilsad

පස්වරුවේ වැසි වැඩි වෙයිද

Mohamed Dilsad

Leave a Comment