ප්‍රමුඛ පුවත 1

වව්නියාවේ සිංහල දමිල මුස්ලින් රාජ්‍ය නිළධාරීන් දකුණේ පිරිසිදු කිරීම් කටයුතුවල

(උදයම්,ගාල්ල)  –  ජාතික සංහිඳියාව පෙන්වා දෙමින් වව්නියාවේ සිංහල දමිල මුස්ලින් රාජ්‍ය නිළධාරීන් පිරිසක් පසුගියදා ගාල්ල තලංගම ප්‍රදේශයේ නිවාස හා ලිං පිරිසිදු කිරීමේ දින දෙකක විශේෂ වැඩසටහනකට සහභාගි විය.

ඒ අනුව ගිං ගඟ ආශ්‍රිතව ගංවතුරින් යට වූ නිවාස 70ක් හා ලිං 67ක් පිරිසිදු කිරීම සිදු විය.

පෙර පැමිණි ගංවතුරට වඩා මෙවර ගංවතුර ප්‍රමාණය ඉහල යෑම නිසා නිවාස තුලට රොන් මඩ විශාල වශයෙන් පැමිණ තිබීමත් නිවාස සිවිලිම් තුල පවා මඩ තට්ටු රැඳී තිබීම යළි නිවාස වල පදිංචියට පැමිණිම අසිරු තත්වයක තිබූ අවස්ථාවක වවුනියාව වැනි ප්‍රදේශයක සිට සිංහල දෙමළ හා මුස්ලිම් සහෝදරයින් පැමිණ කළ සත් කාර්යයට එම ජනතාව තම ස්තූතිය පුද කර සිටියේ ය.

කෙසේ වෙතත් මේ වන විට තම දේපල විශාල වශයෙන් හානි සිදු ඇති අතර තම දරුවන්ගේ අධ්‍යයන කටයුතු වලටද විශාල බල පෑමක් එල්ල වී ඇති බව ගංවතුරින් විපතට පත් ජනතාව පවසා සිටියහ.

ප්‍රදේශයේ ජනතාව තම නිවාස පිරිසිදු කර දීම සම්බන්ධයෙන් තම ස්තූතිය පලකරන අතර තුරදී තම දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන් ද බලධාරීන්ගේ අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටීයහ.

උතුරේ සිට සහෝදරත්වයෙන් අත්වැල් බැඳගනිමින් මෙම වැඩ සටහනට වවුනියාව දිසාපති එම්.බී.ආර්.පුෂ්පකුමාර මහතාගේ ප්‍රධාන්වයෙන් වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ හා අනෙකුත් රාජ්‍ය අංශයන්හි නියෝජනය වන පරිදි නිළධාරීන් 150 දෙනෙකු පමණ මෙම වැඩසටහට සහභාගි වී සිටියහ.

Related posts

හිටපු ජනපතිව සී.අයි.ඩී යට කැඳවයි

Mohamed Dilsad

තව්හීත් ජමාත් නායක සහරාන් සමඟ ඡායාරූප ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට.

Mohamed Dilsad

අමිත් වීරසිංහ යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ.

Mohamed Dilsad

Leave a Comment