ප්‍රමුඛ පුවත 1

ඩෙක්ස්ට්‍රෑන් නමැති ඖෂධ තොගයක් අද දිනයේ දිවයිනට

(උදයම්,කොළඹ)  –  ඩෙක්ස්ට්‍රෑන් නමැති ඖෂධ තොගයක් අද දිනයේ දිවයිනට පැමිණීමට නියමිත බව වෛද්‍ය සැපයුම් අංශය පවසයි.

මෙය ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අත්‍යාවශ්‍ය වන ඖෂධයකි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී  වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ලාල්පනාපිටිය මහතා පැවසුවේ අවශ්‍ය සියලු ඖෂධ තොග මේ වන විටත් රජය සතුව පවතින බවයි.

පසුගියදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් චෝදනා කළේ ඩෙංගු රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඩෙක්ස්ට්‍රෑන් ඖෂධය හිඟ කමක් ඇති බවටය.

නමුත් එවැනි හිඟයක් නොමැති බව වෛද්‍ය ලාල් පනාපිටිය මහතා පවසයි.

Related posts

පුත්තලම මාර්ගයේ රිය අනතුරකින් තිදෙනෙක් මරුට

Mohamed Dilsad

වැසිකිලි වළකට වැටී දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

බ්‍රිගේඩ්‍රියර්වරුන් 5 දෙනෙකුට සහ ලුතිනන් කර්නල්වරුන් 25කට උසස් වීම්

Mohamed Dilsad

Leave a Comment