Trending News

දිස්ත්‍රික්ක 7කට නිකුත් කළ නායයාමේ අනතුරු ඇගවීම් නිවේදනය තවදුරටත්

(උදයම්,කොළඹ)  – දිවයිනට බලපෑ ඇති ගංවතුර නායයෑම් සහ වියළි කාලගුණය හේතුවෙන් තවමත් පවුල් දෙලක්ෂ 8660 අයත් පුද්ගලයෝ අට ලක්ෂ 4831 පීඩාවට පත්ව සිටිති.

ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ පසුගිය සිකුරාදා දිවයිනේ දිස්ත්‍රික්ක 8කට බලපෑ තිබූ ගංවතුර නායයාම් හේතුවෙන් පුද්ගලයින් 213 දෙනෙකු  ජීවිතක්ෂයට පත්ව 79 දෙනෙකු තවමත් අතුරුදන්ව සිටින බවය.

මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක 7කට නිකුත් කළ නායයාමේ අනතුරු ඇගවීම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මකයි.

ඒ අනුව රත්නපුර, කළුතර, කෑගල්ල, ගාල්ල, මාතර, හම්බන්තොට සහ නුවරඑළිය සදහා මෙම අවදානම ක්‍රියාත්මක බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේය.

එමෙන්ම රත්නපුර කලවාන ප්‍රදේශයේ කඳු පන්ති 4ක නාය යාමේ අවදානමක් පවතින බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අප කල විමසීමකදී කලවාන ප්‍රාදේශීය ලේකම් ජී.ඩී.එල්. උදය කුමාරි මහත්මිය කියා සිටියේ වේවැල්කඳුර, දොලහේන, සමන්පුර සහ කොස්වත්ත යන කඳු  පන්ති මෙලෙස නාය යාමේ අවදානමක් පවතින බවය.

ඒ අනුව දැනටමත් අවදානම් සහිත ප්‍රදේශවල පදිංචි වී සිටින පවුල් 36ක් ඉවත් කිරීමට කටයුතු කර ඇත.

මේ අතර පළාත් කිහිපයකට වැසි ඇති වුවත් උතුරු පළාතට බල පා ඇති වියලි කාළගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 33,000කට අයත් පුද්ගලයින් එක්ලක්ෂ 21,000ක් පීඩාවට පත්ව තිබේ.

Related posts

අලුත් විදේශ ගමන් බලපත්‍ර හඳුන්වා දෙයි

Editor O

விரதம் அனுஷ்ட்டிப்பதன் ஊடாக கிடைக்கும் முக்கிய நன்மைகள் தொடர்பில் ஆய்வில் தகவல்

Mohamed Dilsad

Showers in most areas of the island today – Met. Department

Mohamed Dilsad

Leave a Comment