ක්‍රීඩා

මයිකල් පෙල්ප්ස්ට BBC යෙන් අගනා සම්මානයක්

(උදයම් ,ඇමරිකා) – ඇමරිකානු ජාතික පිහිනුම් ක්‍රීඩක මයිකල් පෙල්ප්ස් හට BBCයෙන් ක්‍රීඩකයෙකුට ජීවිතයේ එක්වරක් පමණක් ලබාදෙන සම්මානයක් ලබාදීමට තීරණය කරයි.

ඒ අනුව අද(18) එංගලන්තයේදී පැවැත්වෙන BBC Sports Personality show සම්මාන රාත්‍රියේදී මයිකල් පෙල්ප්ස් හට එම සම්මානය ලබාදෙන බව වාර්තාවේ.

ඔලිම්පික් තරඟාවලියන් සහ වෙනත් තරඟවලදී පෙල්ප්ස් පිහිනුම් ක්‍රීඩාවෙන් දැක්වූ දක්ෂතා ඇගයීමට මෙම සම්මානය පෙල්ප්ස් වෙනුවෙන් පිරිනැමීට නියමිතය.

මයිකල් පෙල්ප්ස් ඔලිම්පික් තරඟාවලි 05ක් නියෝජනය කරමින් එහිදී  හිමකරගෙන ඇති ඔලිම්පික් රන් පදක්කම් සංඛ්‍යාවය 23කි.

නිමාවුණු 2016 රියෝ ඔලිම්පික් තරගාවලියෙන් පසු පෙල්ප්ස් ඔලිම්පික් පිහිනුම් තටාකයට සමුදීමට තීරණය කළේය.

 

 

Related posts

විස්සයි 20 දිනු අපේ වීරයින්ගේ සුපිරි ඉනිම මෙන්න (වීඩියෝ)

Mohamed Dilsad

තරඟාවලිය ප්‍රතික්ෂේප කළ මෙරට 10 දෙනාට පාකිස්තාන නායකයාගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

2019 රග්බි ලෝක කුසලානයේ ජය දකුණු අප්‍රිකාවට

Mohamed Dilsad

Leave a Comment