ක්‍රීඩා

මයිකල් පෙල්ප්ස්ට BBC යෙන් අගනා සම්මානයක්

(උදයම් ,ඇමරිකා) – ඇමරිකානු ජාතික පිහිනුම් ක්‍රීඩක මයිකල් පෙල්ප්ස් හට BBCයෙන් ක්‍රීඩකයෙකුට ජීවිතයේ එක්වරක් පමණක් ලබාදෙන සම්මානයක් ලබාදීමට තීරණය කරයි.

ඒ අනුව අද(18) එංගලන්තයේදී පැවැත්වෙන BBC Sports Personality show සම්මාන රාත්‍රියේදී මයිකල් පෙල්ප්ස් හට එම සම්මානය ලබාදෙන බව වාර්තාවේ.

ඔලිම්පික් තරඟාවලියන් සහ වෙනත් තරඟවලදී පෙල්ප්ස් පිහිනුම් ක්‍රීඩාවෙන් දැක්වූ දක්ෂතා ඇගයීමට මෙම සම්මානය පෙල්ප්ස් වෙනුවෙන් පිරිනැමීට නියමිතය.

මයිකල් පෙල්ප්ස් ඔලිම්පික් තරඟාවලි 05ක් නියෝජනය කරමින් එහිදී  හිමකරගෙන ඇති ඔලිම්පික් රන් පදක්කම් සංඛ්‍යාවය 23කි.

නිමාවුණු 2016 රියෝ ඔලිම්පික් තරගාවලියෙන් පසු පෙල්ප්ස් ඔලිම්පික් පිහිනුම් තටාකයට සමුදීමට තීරණය කළේය.

 

 

Related posts

දකුණු ආසියානු කණිෂ්ඨ මේස පන්දු තරගාවලියේ අනු ශූරතාවය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

20යි 20 ක්‍රිකට් ලෝක කුසලානය ඉන්දීයාවට

Editor O

ශ්‍රී ලංකාවට විශිෂ්ඨ ජයක්

Mohamed Dilsad

Leave a Comment