ප්‍රමුඛ පුවත 1

ආපදා හේතුවෙන් වැසුණු පාසල් ලබන 05වනදා විවෘතයි

(උදයම්,කොළඹ)   –  ආපදා හේතුවෙන් වසා දැමුණු පාසල්  පහත සඳහන් පරිදි නැවත විවෘත කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

2017/06/05 වන සඳුදා විවෘත කෙරෙන පාසල්

බස්නාහිර පළාතේ සියලුම පාසල්

සබරගමුව පළාතේ අවතැන් කදවුරු ලෙස පවතින 15 ක් හැර ඉතිරි සියලු පාසල්

දකුණු පළාතේ අවතැන් කඳවුරු ලෙස පවතින පාසල් 10 ක් සහ හානි සිදු වූ පාසල් 29 ක් හැර සෙසු සියලු පාසල්

අවතැන් කඳවුරු සඳහා සම්පූර්ණයෙන් සහ අර්ධ වශයෙන් යොදා ගැනෙන පාසල් ඉදිරියේ දී ආරම්භ කිරීම පිළිබඳ බලය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත පැවරේ.

මීට අමතරව හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අධ්‍යයන කටයුතු පවත්වාගෙන යාමට නොහැකි පරිදි හානි සිදු වී ඇති පාසල්වල කටයුතු  ආසන්නත ම පාසල්වලට අනුයුක්ත කර පවත්වාගෙන යාමේ  බලය ද කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් වෙත පැවරේ.

අමාත්‍යවරයා මෙම තීරණය ගනු ලැබුවේ හදිසි ආපදාවන්ගෙන් විපතට පත් වූ පාසල් දරුවන් හා ගුරුවරුන් වෙනුවෙන් අවශ්‍ය සහන ලබා දීමේ කටයුතු පිළිබඳව පැවති විශේෂ සාකච්ඡාවකට එක්වීමෙන් අනතුරුවයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ සියලුම මාණ්ඩලික නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේ දී  හානි සිදු වූ පාසල් ගොඩනැගිලි සහ දේපල නැවත නගාසිටුවීම, පාසල් දරුවන්ට අවශ්‍ය නිල ඇඳුම්, පෙළ පොත් අභ්‍යාස පොත් ඇතුළු අනෙකුත් උපකරණ ලබා දීම, විපතට පත් පාසල් දරුවන් සඳහා මනෝ උපදේශන වැඩසටහන ක්‍රියාත්මක කිරීම ඇතුළු ක්ෂේත්‍ර රැසක් සම්බන්ධව ද විශේෂ  අවධානය යොමු කරනු ලැබුවා.

Related posts

2018 පළමු පාසල් වාරය අද ඇරඹේ

Mohamed Dilsad

රාජ්‍ය ආයතන පත් කිරීම් නිර්දේශ ඉදිරිපත් කිරීමේ අවසන් දිනය දැනුම්දෙයි

Mohamed Dilsad

මැතිවරණ කොමිසමේ විශේෂ රැස්වීමක්

Mohamed Dilsad

Leave a Comment