ප්‍රමුඛ පුවත 1

අද දිනයේත් සාමාන්‍යයෙන් තද සුළං

(උදයම්,කොළඹ)  –   දිවයින හරහා (විශේෂයෙන් දකුණු පළාතේ සහ මාතලේ සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල) විටින් විට හමන පැ.කි.මී.50 දක්වා සාමාන්‍යයෙන් තද සුළං ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව, දකුණු, බස්නාහිර සහ මධ්‍යම  පළාත්වල විටින් විට වැසි ඇති වේ.සමහර ස්ථාන වල(විශේෂයෙන්රත්නපුර,කළුතර සහ කෑගල්ලදිස්ත්‍රික්කවල) මි.මි. 75 ක පමණ තරමක් තද වැසි බලාපොරොත්තු විය හැක.

සෙසු පළාත්වල විශේෂයෙන් සවස්කාලයේදී  තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

මේ අතර  පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවලතැනින් තැන වැසි ඇති වේ.දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

සුළං  නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 35-45ක් පමණ වේ.

මන්නාරම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහාපොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටක පැ.කි.මී.70 දක්වා වැඩි විය හැකි බැවින්  එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැක.

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටක පැ.කි.මී.60 දක්වා වැඩි විය හැකි බැවින්  එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.

ධිවර සහ නාවික ප්‍රජාවගෙන් මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන මෙන් ඉල්ලා සිටි.

Related posts

කොළඹ හා හෝකන්දර යන ප්‍රදේශ කිහිපයකට පැය 16 ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

තවත් මැතිවරණ පෙරහුරුවක් අද

Mohamed Dilsad

සුළු අපනයන භෝග වගාව සඳහා ස්ථාවර මිලක්

Mohamed Dilsad

Leave a Comment