ප්‍රමුඛ පුවත 1

මැලේසියානු ගුවන්යානයක කලහකාරී ලෙස හසිරුනු ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට(වීඩියෝව)

(උදයම්,මෙල්බන්)  –  බෝම්බයක් ඇති බව පවසා බලහත්කාරයෙන් මැලේසියානු ගුවන්යානයක නියමු කුටියට ඇතුලුවීමට උත්සාහ දැරූ ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගැනේ.

ඊයේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර සිට ක්වාලාලාම්පුර් නුවර දක්වා ගමන් කරමින් තිබු යානයක් හදිසියේම යළිත් මෙල්බන් ගුවන්තොටුපලට ගොඩබස්වනු ලැබුවේ මගියෙකු කලහකාරී ලෙස හැසිරෙමින් නියමු කුටියට ඇතුලුවීමට උත්සාහ කිරීම හේතුවෙනි.

පසුව එම යානය ගොඩබැස්වා වහාම ඊට දැඩි ආරක්ෂාවක් ලබාදී තිබේ.

මගියෙකු නියමු කුටියට ඇතුලුවීමට උත්සාහ කරන බවට සැලවු වහාම යානය ගොඩබැස්වීමටයි නියමුවා කටයුතු කර ඇත.

අනතුරුව සහායක ගුවන් නියමුවා සහ කාර්ය මණ්ඩලය එක්ව සැකකරු සිය භාරයට ගෙන රඳවාගෙන තිබේ.

ඔහු ප්‍රකාශකර ඇත්තේ තමන් සතුව බෝම්බයක් ඇති අතර එය පුපුරුවා හරින බවටය.

කෙසේවෙතත් ඔහු සතුව තිබී ඇත්තේ බෝම්බයක් නොව ජංගම දුරකථනවල බැටරිය ආරෝපණයට යොදා ගන්නා (powerbank) එකක් බව පසුව කළ විමර්ශණවලදී හෙළිවී ඇත.

මෙම ලාංකිකයා බීමතින් මෙලෙස කලහකාරීව හැසිරුනු බවට ද විදෙස් මාධ්‍ය පවසයි.

Related posts

කැබිනට් මණ්ඩලය ගැන තීරණයක් ගන්න හෙට විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

ප්‍රවීණ ගායන ශිල්පී ඩබ්.ප්‍රේමරත්න සහ ප්‍රවීන රංගන ශිල්පී ඉන්ද්‍රජිත් නාවින්න මහතා අභවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

රජයේ නිලධාරීන් අද මැදියමේ සිට වර්ජනයේ

Mohamed Dilsad

Leave a Comment