ක්‍රීඩා

ලොව ජනප‍්‍රියතම ක‍්‍රීඩකයින් සිය දෙනා ප්‍රකාශයට පත් වෙයි

(උදයම්,කොළඹ)   –  ලොව ජනප‍්‍රියතම ක‍්‍රීඩකයින් සිය දෙනාගේ ලැයිස්තුව ප‍්‍රකාශයට පත් කරයි.

ඒ, ලෝක ප‍්‍රකට ක‍්‍රීඩා වෙබ් අඩවියක් මඟින් සිදු කළ සමීක්ෂණයකින් අනතුරුවය.ශ‍්‍රී ලංකාවේ කිසිදු ක‍්‍රීඩකයෙකු පළමු සියදෙනා අතරට ඇතුළත්වනොමැත

ප්‍රථම ස්ථානය  පෘතුගාල පාපන්දු ක‍්‍රීඩක ක‍්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හට හිමිව ඇත.

දෙවන ස්ථානය අමෙරිකානු බාස්කට් බෝල් ක‍්‍රීඩක ලීබ්‍රොන් ජේම්ස්ට හිමිව තිබේ.

තුන්වන ස්ථානය ආර්ජන්ටිනාවේ පාපන්දු ක‍්‍රීඩක ලයනල් මෙසීට හිමිව ඇති අතර සිව්වන ස්ථානයේ පසුවන්නේ ස්විස්ටර්ලන්ත ටෙනිස් ක‍්‍රීඩක රෝජර් ෆෙඩරර්.

ලෝකයේ වේගවත්ම ක‍්‍රීඩකයා ලෙස සැලකෙන ජැමෙයිකාවේ උසේන් බෝල්ට්ට හිමිව ඇත්තේ එහි 07 වන ස්ථානයයි.

ලොව ජනප‍්‍රියතම ක‍්‍රීඩකයින් අතර ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් සිටින්නේ සිව් දෙනෙක් පමණයි. ඔවුන් සියලූ දෙනා ඉන්දීය ක‍්‍රීඩකයින් වීම විශේෂත්වකි.

ඉන්දීය එක්දින නායක විරාට් කෝලි එම ලැයිස්තුවේ 13 වෙනියායි.

Related posts

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට කොවිඩ් එන්නත ලබාදීම අත්ටුවයි

Mohamed Dilsad

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

යොහාන් පීරිස් එවරස්ට් තරණය කරයි

Mohamed Dilsad

Leave a Comment